පොලිස් අණ නොතැකූ වැලි ටිපරයට වෙඩි පලාගිය රියැදුරු හා සහායක සොයා පොලිස් පරීක්‍ෂණ

313

යාපනයේ පුතූර් ප්‍රදේශයේ සිට අනවසරයෙන් වැලි පටවාගෙන ගිය ටිපර් රථයක් නැවතීමට ඊයේ (07 දා) උත්සාහ කළ පොලිස් නිලධාරීන්ව යටකරගෙන ටිපර් රථය පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් එහි ටයර්වලට වෙඩි තබා එය නතර කරගෙන තිබේ.

වෙඩි වැදීමෙන් ටයර්වල හුළං ගිය ටිපරය පදවා ගෙන වේගයෙන් ඉදිරියට ධාවනය කරවීමට රියදුරා උත්සාහ කළ අවස්ථාවේදී එය පෙරළී යෑම නිසා රියැදුරා හා සහායකයා ඉන් බිමට පැන කැළයට දිව ගොස් තිබේ.

පොලිසියට මේ වනතුරු ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර ඔවුන් සෙවීමට හා ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට අච්චුවේලී හා පුතූර් පොලිසි පියවර ගෙන තිබේ.

මෙම අනවසර වැලි ටිපරය පිළිබඳව අච්චුවේලි පොලිසියට ලැබුණු ඔත්තුවක් මත නිලධාරීන් පිරිසක් එහි යනවිට වැලි පටවාගත් ටිපර් රථය පුදූර් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට හමු වී තිබේ.

වැලි සහිත කැළෑබද මාර්ගයකදී හමු වූ එම ටිපර් රථයට නවතින ලෙස සංඥා කළ අවස්ථාවේදී එහි රියදුරා ටිපර් රථය පොලිස් නිලධාරීන් දෙසට කපා වෙට්ටු දමා පලාගොස් තිබේ. පොලිසිය වෙඩිතබා ඇත්තේ ඉන් අනතුරුවය. සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment