ඩයලොග් පාසල් ලීග් රග්බි තරගාවලිය හෙට ඇරඹේ

155

ඩයලොග් පාසල් ලීග් ශූරතා අවුරුදු 19 න් පහළ බාලක රග්බි තරගාවලියේ ප්‍රමුඛ පෙළ සටන ආරම්භ කරමින් හෙට (14 වැනිදා) ප.ව. 04.15 ට මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර තරගය පැවැත්වේ.

මෙහි පළමු අදියර තරග 42 කින් සමන්විත වන අතර එය ලබන ජූලි 30 අවසන් කෙරේ. අනතුරුව ලීග් ශූරයන් තීරණය කෙරෙන “සුපිරි – 04” වටය පැවැත්වේ.

මෙවර ප්‍රමුඛ පෙළ ලීග් තරගාවලියේ “ඒ ” කොටසට පාසල් 14 ක් එක්ව සිටින අතර එම පාසල් 1 සහ 2 යනුවෙන් කාණ්ඩ 02 ක් යටතේ තරග වදී.

ඒ අනුව ප්‍රමුඛ පෙළ “1” කාණ්ඩය යටතේ කොළඹ ඉසිපතන විදුහල, කොළඹ ශාන්ත ජෝශප් විදුහල, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල, කොළඹ වෙස්ලි විදුහල, කොළඹ ඩී. එස්. සේනානායක විදුහල, මෙන්ම මහනුවර කිංග්ස්වුඩ් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර තරග ක්‍රියාත්මක කෙරේ.

පළමු පෙළ “2” කාණ්ඩයේදී කොළඹ රාජකීය විදුහල, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, මරදාන සහිරා විදුහල, ගල්කිස්ස විද්‍යා විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල, මහනුවර ත්‍රිත්ව විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල තරග වදිනු ඇත.

පසුගිය වසරේදී මෙන්ම මෙවර තරගාවලිය ද ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහක ශක්තියෙන් බලගැන්වේ.

ආරම්භක සතියේ තරග සැලසුම

2023.06.14

ශාන්ත ජෝශප් සහ ශාන්ත අන්තෝනි අතර

බෝගම්බරදී

2023.06.16

විද්‍යාර්ථ සහ විද්‍යා අතර බෝගම්බරදී

2023.06.17

ධර්මරාජ සහ ත්‍රිත්ව අතර බෝගම්බරදී

ශාන්ත පීතර සහ රාජකීය බම්බලපිටියේදී

වෙස්ලි සහ ශාන්ත තෝමස් අතර

ගල්කිස්ස ශාන්ත තෝමස් පිටියේදී

2023.06.18

කිංග්ස්වුඩ් සහ ඉසිපතන අතර බෝගම්බර දී
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment