ISM APAC සහ Sana Commerce එක් වෙයි

111

ප‍්‍රමුඛ පෙළේ e-Commerce සේවා සම්පාදකයකු වන ISM APAC සමාගම පසුගියදා නෙදර්ලන්තයේ Sana Commerce Global ආයතනය සමග නව ව්‍යාපාර සහෝගිතාවකට එළැඹිණි.

වසර 7කට අධික කාලයක් ආසියානු පැසිෆික් කලාපය මූලික කරගනිමින් Sana Commerce Global හි මූලස්ථානය වෙනුවෙන් ප‍්‍රධාන සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස ක‍්‍රියාකළ ISM APAC ආයතනය නව සහයෝගිතාව සමග Sana Commerce Sri Lanka නමින් සිය ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කර තිබේ.

දැනට සමාගම සතු සේවක සංඛ්‍යාව 180කට අධිකය. නව ව්‍යාපාර සහයෝගිතාව සමග සමාගම පිරිනමන සේවා වපසරිය වර්ධනය වීමත් සමග මෙම සේවක පිරිසක තවදුරටත් ශක්තිමත්ව වර්ධනයවීමට නියමිතය. එමෙන්ම, සමාගමේ සේවකයන්ට ගෝලීය අත්දැකීම් ලබාගැනීමේ හැකියාවද මේ සමග හිමි වේ. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර පරිසරයෙන් ඔබ්බට ගොස් Sana Commerce මගින් පිරිනමන පුළුල් දැනුම ඉගෙනුම් සහ පුහුණු අවස්ථා සමග වටිනා අත්දැකීම් සම්භාරයක් ඔවුන්ට හිමිවනු නිසැකය.

advertistmentadvertistment
advertistmentadvertistment