නියඟයෙන් 280,000කට බලපෑම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

62

අදත් රස්නෙයි – කාලගුණය

සුදු අඳින්න – සෞඛ්‍ය අංශ

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 18ක පවුල් අසූඑක්දහස් එකසිය පනස් අටකට අයත් පුද්ගලයින් දෙලක්ෂ අසූදහසකට අධික පිරිසක් බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම තත්ත්වය හමුවේ වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ උතුරු පළාත වේ.

මේ අතර, උතුරුමැද සහ නැඟෙනහිර පළාත්වලත් වව්නියාව, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් අද (26දා) දිනයේ අධික උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

අධික උණුසුම හේතුවෙන් විජලනය, මස් පිඬු පෙරලීම, අධික මහන්සිය වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශවල ජනතා වැඩ බිම් තුළදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී ඇත.

සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇඳුම් අඳින ලෙසත්, අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී තිබේ.

චමින්ද සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment