ඩොලර් මිලියන 850000ක් වන්දි දෙන්න එක්ස්ප්‍රස් පර්ල් කැමතියි – ඇමැති විජයදාස

321

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්නෙන් ඇති වූ හානිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන අටලක්‍ෂ පනස්දහසක් හා තවත් ලංකා රුපියල්වලින් වන්දි මුදලක් ලබාදීමට අදාළ රක්‍ෂණ සමාගම කැමැත්ත පළකර ඇතැයි අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25දා) කියා සිටියේය.

මේ පිළිබඳව නඩුව සංගප්පූරු මහාධිකරණයේ පවතින අතරතුර අදාළ නැවේ රක්‍ෂණ සමාගම විසින් නඩුවට අගතියක් නොවන ආකාරයට ලංකා රජය සමග සාකච්ඡා කිරීමට යෝජනා කළ බවද ඒ අනුව නීතිපතිවරයා සීපා ආයතනයේ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් නවදෙනකු පසුගිය මාසයේදී සාකච්ඡා වට දෙකක් රක්‍ෂණ සමාගම සමග පැවැත්වූ බවද ඇමැතිවරයා පැවසීය.

මෙම සාකච්ඡා රක්‍ෂණ සමාගම ලංකාවට ඩොලර් මිලියන අටලක්‍ෂ පනස්දහසක් හා තවත් ලංකා මුදලින් ප්‍රමාණයක් වන්දි ලෙස ගෙවීමට කැමැත්ත පළකර ඇති නිසා ඒ පිළිබඳව නීතිපතිවරයා විසින් අදාළ ආයතන වෙතින් ඊට කැමැත්ත ඉල්ලා ඇති බවද ඒ මහතා කියා සිටියේය.

මෙම නඩුව සිංගප්පූරුවේ වාණිජ මහාධිකරණයකට මාරු කිරීමට සුදුසු බවට යෝජනා වී ඇති බවද එලෙස සිදුකිරීම තුළින් නඩුවට හොඳක් වෙයි කියා හිතන බවද ඒ මහතා සඳහන් කළේය.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment