අණ නොතැකු මෝටර් රථයකට පොලිසිය වෙඩි තබයි

545

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොල්ගහවෙල අධිකරණය අසල දී අද පෙරවරුවේ පොලීසිය විසින් වෙඩිතබා තිබේ.එම මෝටර් රථයේ ඔන් ලයින් ක්‍රමයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත එය නවත්වන ලෙස පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අණකර තිබේ .නමුත් එය අණ නොතකා ධාවනය කරන විට පොලීසිය විසින් එයට වෙඩිතබා ඇත. එම වෙඩි පහර මෝටර් රථයේ ටයරයකට වැදී තිබුණි. මෝටර් රථය කිලෝමීටරයක් පමණ ධාවනය වීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එය නවතා එහි සිටි පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.මෝටර් රථය තුළ වයස මාසයක පමණ බිළිඳෙක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් සිට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment