බෙහෙත් සඳහා බූරුවන් මිලියන ගණනක් මරා දැමේ

417

කෙන්යාව, චීනය ඇතුළු රටවල් ගණනාවක සම්ප්‍රදායික දේශීය බෙහෙත් වර්ග නිපදවීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යයක් සකස් කිරීම සඳහා වාර්ෂිකව ලොව පුරා බූරුවන් මිලියන 5.9ක් පමණා මරා දැමෙන බව විදෙස් මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ. බූරුවන්ගේ සමෙහි පවතින ජෙලටින් වර්ගයක් යොදාගෙන සකස් කරන එජියාවෝ නමැති දේශීය බෙහෙත් අමුද්‍රව්‍යයක් නිපදවීම සඳහා මෙසේ මිලියන ගණනක බූරුවන් වාර්ෂිකව ඝාතනය කෙරෙන බව බූරුවන්ගේ අභය භූමියක් පවත්වාගෙන යන ආයතනයක් විසින් නිකුත් කර ඇති වාර්තාවක් උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය විසින් වාර්තා කර තිබේ.

ලොව පුරා අදාළ දේශීය බෙහෙත් අමුද්‍රව්‍ය සඳහා පවතින අධික ඉල්ලුම හේතුවෙන් මෙසේ වාර්ෂිකව බූරුවන් මිලියන ගණනක් ඝාතනය කෙරෙන බව අනාවරණය වී තිබේ. බූරුවන්ගේ සමෙහි පවතින ජෙලටින් වර්ගය ලබා ගැනීම, සඳහා එම සම තැම්බීමට එම අමුද්‍රව්‍ය නිපදවන කණ්ඩායම් විසින් පියවර ගන්නා බව හෙළි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment