වැලන්ටයින් සමරන්න ෆේස්බුක් පෙම්වතිය සොයා පැමිණි ස්විස් පෙම්වතාට සැමියාගෙන් ගුටි

865

එවපු මැසේජ් සියල්ල සැමියා රෙකෝඩ් කරලා

වැලන්ටයින් දිනය සැමරීමට ස්විස්ටර්ලන්තයේ සිට සිය පෙම්වතිය සොයා යාපනයට පැමිණි ස්විස්ටර්ලන්ත පෙම්වතෙකුට පෙම්වතියගේ ස්වාමිපුරුෂයා විසින් පහරදී ඔහු සතුව තිබූ සියලු දේ පෙරේදා (15 දා) කොල්ල කා තිබේ.

ස්විස්ටර්ලන්තයේ උපත ලබා එහි පුරවැසිභාවය හිමි කරගෙන ඇති මෙම තරුණයාගේ සියලු ඥාතීන් යාපනයේ සිටින අතර ඔහු සමාජ මාධ්‍ය හරහා යාපනයේ කාන්තාවකට පෙම්කොට ඇති අතර ඔහු එම කාන්තාව විවාහක කාන්තාවක් බව දැන සිට නොමැත.

මෙවර වැලන්ටයින් දිනයට ස්විස්ටර්ලන්තයේ සිට යාපනයට පැමිණීමට තමන් කැමති බව ස්විස්ටර්ලන්ත පෙම්වතා ප්‍රකාශ කළ අවස්ථාවේදී යාපනයේ කාන්තාව ඊට කමැත්තද පළකොට තිබේ.

දෙදෙනා අතර හුවමාරු වූ මේ පෙම් පළහිලව්ව ගැන කාන්තාවගේ ස්වාමියාට තොරතුරු ලැබී ඇති අතර ඔහු ඒ සෑම පණිවුඩයක්ම රහසිගතව ලබාගෙන ඔහු ළඟ සුරක්ෂිතව තබාගෙන ඇත.

එම ස්වාමි පුරුෂයාගේ රැකියාව ඔහුගේම වෑන් රථයක් කුලී පදනම මත හයර් කිරීමය.

ස්විස්ටර්ලන්තයේ සිට යාපනයේ ඥාති නිවසකට පැමිණි මෙම තරුණයා වැලන්ටයින් දිනයේදී සිය පෙම්වතියගේ නිවසටද පැමිණ තිබේ. එහිදී ඇයගේ ස්වාමිපුරුෂයා තම වෑන් රථයෙන් ස්විස්ටර්ලන්ත තරුණයාව නිවසින් එළියට රැගෙන ගොස් ඔහුට සිය මිතුරන් සමග එකතු වී පහර දී තිබේ. ස්විස්ටර්ලන්ත තරුණයාගේ යාපනයේ සිටින ඥාති කාන්තාවක් මේ සම්බන්ධයෙන් යාපනය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment