මාවුස්සාකැලේ ජලාශය කසළ වලිනුත් පිරේ

258

ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග දිරා නොයන ඝණ අපද්‍රව්‍ය වලින් ජලාශය පිරී යාම නිසා දැඩි පාරිසරික හානියක් සිදු වීමේ අවධානමක් පවතින බව ජලාශයේ මිරිදිය ගොවීහු පවසති . මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ කැළණි ගඟේ ප්‍රධාන අතු ගංඟා දෙක වන මස්කෙළිය ඔය හා සීතගඟුල ඔයෙනි. මස්කෙළිය ඔය ආරම්භ වන්නේ සාමිමලේ, මීරියාකෝට්ටේ රක්ෂිතයේ සිටය. සීතඟුගල ඔය ආරම්භ වන්නේ ශ්‍රීපාද රක්ෂිතයෙනි. තේවතු හරහා ගලා බසින මෙම අතු ගංඟාවන් දෙපස පදිංචි වතු කම්කරුවන්, ප්‍රදේශවාසීන්, මස්කෙළිය හා සාමිමලේ නඟරවල ඇතැම් ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම මාවුස්සාකැලේ ජලාශය අවට පදංචි ඇතැම් පුද්ගලයින් විසින් බැහැර කරන ප්ලාස්ටික් බෝතල් ඇතුළු දිරා නොයන ඝණ අපද්‍රව්‍ය වැසි ජලය සමග ජලාශයට ගලා ඒම සිදුවේ. වර්ෂාධික දිනවල ගොඩ ගැසෙන ප්ලාස්ටික් බෝතල් ඇතුළු දිරා නොයන ඝණ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මාවුස්සසාකැලේ ජලාශ ඉවුර වෙත ගසාගෙනවිත් පාවෙමින් ඇති අයුරු මේ දිනවල දැක ගත හැකියි.

advertistmentadvertistment
advertistmentadvertistment