වසර එකහමාරකදී දොස්තරලා 1198ක් රට හැර ගිහින්

42

සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්තවලට අනුව පසුගිය වසර එකහමාර තුළ විශේෂඥ වෛද්‍යවරුන් 348 දෙනකු සහ වෛද්‍යවරුන් 850 දෙනකු රට හැරගොස් ඇති බැව් වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය කසුන් ගමගේ මහතා පැවසීය.

ඒ අනුව 2022 වර්ෂයේ ජනවාරි මස සිට 2023 ජුනි මස දක්වා කාලයේ දී මෙම වෛද්‍යවරුන් රට හැර ගොස් ඇති බව ද හෙතෙම කීය.

මේ වන විට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල හ`ිගකම නිසා ග්‍රාමීය රෝහල් 20ක් වැසී ගොස් ඇති අතර තවත් රෝහල් සහ රෝහල්වල පවතින ඒකක 400ක් පමණ වැසී යෑමේ අවදානමකට ලක්ව ඇති බව ද හෙතෙම පවසයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment