*  පෙරඹර – වෘත්තීය සමිති  එකමුතුකම හා රට

210

ඕනෑම රටක වැඩ කරන ජනතාව එම රටට සම්පතකි. එම සම්පත නිසියාකාරව කළමනාකරණය කිරීම තුළින් රට සංවර්ධනය දෙසට යොමු කළ හැකිය. එබැවින් රටක හෝ ආයතනයක මානව සම්පත කළමනාකරණය භෞතික සම්පත් කළමනාකරණයට වඩා සංකීර්ණ වූත් විශේෂිත වූත් ක්ෂේත‍්‍රයකි. එය විද්‍යාත්මකව සිදුකිරීම තුළින් පුද්ගල සංවර්ධනයත්, රට සංවර්ධනයත් සිදු කළ හැකිය.

 ඕනෑම වෘත්තීය ක්ෂේත‍්‍රයක වෘත්තීය ගැටලූ දැකිය හැකිය. එම ගැටලූවලට හේතු වෘත්තීය ගරුත්වය පවත්වාගෙන යෑම, වැටුප් විෂමතා, අභිමානය වැනි විශාල පරාසයක විහිදී පැවතිය හැක. එවැනි වෘත්තීය ගැටලූ පක්ෂග‍්‍රාහිත්වයෙන් තොරව විශ්ලේෂණය කරමින් සේවක සේව්‍ය දෙපාර්ශ්වයටම වාසිදායක වන අයුරින්, අර්බුදවලින් තොරව විසඳා ගැනීම ප‍්‍රශස්තම ක‍්‍රමය වේ. නමුත් වෘත්තීය ගැටලූ විසඳා ගැනීමේදී දෙපාර්ශ්වය අතර තිබෙන නොගැළපීම්, තර්ක හා අභිමානය නිසා ප‍්‍රශස්තම ක‍්‍රමය තුළ ගැටලූ විසඳා ගැනීමට නොහැකි වීමත්, ඒ නිසාම ස්ථාවර පද්ධති බිඳ වැටීමත් දැකිය හැක. මේ තුළින් සියලූම පාර්ශ්වවලට අවාසියක් මිස වාසියක් සිදු නොවනු ඇත. මෙම තත්ත්වයන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමත්, ප‍්‍රශස්ත මට්ටමෙන් ගැටලූ විසඳා ගැනීමටත්, ඒ හරහා සේවක සේව්‍ය දෙපාර්ශ්වයම ජයග‍්‍රහණය කරවමින් අවසානයේ රටේ ජනතාව ජයග‍්‍රහණය කරවීමට වෘත්තීය සමිතිවල මැදිහත් වීම තීරණාත්මක වනු ඇත.

 ඕනෑම වෘත්තීයක, වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට, සාමාජිකයන්ගේ සුභසාධනයට මෙන්ම සමස්ත රටේ සංවර්ධන වැඩපිළිවෙළට මැදිහත් වීම වෘත්තීය සමිතියක ප‍්‍රධාන කාර්යභාරයන් ලෙස පෙන්වා දිය හැකිය. තම සාමාජීකයන්ගේ සුභසාධනය හා වෘත්තීය අභිමානය ආරක්ෂා කිරීම තුළ වෘත්තිකයන් ආකර්ෂණය කර ගැනීම මඟින් ඔවුන් රඳවා ගැනීමට, ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීමට හේතු වනු ඇත. එබැවින් සාර්ථක රජයක් හැම විටම වෘත්තීය සමිති ක‍්‍රියාවලිය රටේ සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ධනාත්මකව උපයෝගි කර ගනියි. ඒ හරහා වෘත්තීකයන් සිය උපරිම කාර්යක්ෂමතාවය මානසික නිරවුල්භාවයෙන් රටට ලබාදීමෙන් රට සංවර්ධනය කරා යොමු කර වීමට පහසු වනු ඇත.

 වෘත්තීය සමිතියක ශක්තිය, එකමුතුකම හා අන්‍යෝන්‍ය විශ්වාසයයි. ශ‍්‍රී ලංකාව වැනි රට වල රට පාලනය කරන පිරිස් වෘත්තීය සමිති ලෙස කල්පනා කරනුයේ තමන්ගේ මතවාද වෙනුවෙන් පෙනී සිටින, තමන් වෙනුවෙන් පෙනී සිටිය යුතු පිරිස් ලෙස හෝ තමන්ට එරෙහිව කඩාකප්පල්කාරී ක‍්‍රියාවල යෙදෙන පිරිස් ලෙසය. බොහෝ අවස්ථාවලදී වෘත්තීය සමිති විනාශ කිරීම තුළින් තමන්ට රිසි පරිදි රට පාලනය කිරීමට උත්සාහ කිරීමත් තුළ සමස්ත රටත් මහජනතාවත් අනතුරට හා අගතියට පත් කිරීමය.

 මෙම පාලකයන් වෘත්තීය සමිති විනාශ කිරීම සඳහා යොදා ගන්නා ප‍්‍රධාන උපක‍්‍රම නම් වෘත්තීය සමිතියක ශක්තියේ කො`දුනාරටිය වන එකමුතුකම හා අන්‍යෝන්‍ය විශ්වාසය බිඳ වට්ටමින්, වෘත්තීය සමිති සාමාජිකයන් එකිනෙකා පිළිබඳ සැකය හා එකිනෙකා අතර විරසකය ඇති කිරීමට කටයුතු කිරීමයි. මෙය 1818 නිදහස් අරගලයේ සිට අද දක්වාම පාලකයන් යොදා ගන්නා ලද උපක‍්‍රමයන් වේ. රටේ පවතින සියලූම පක්ෂ විසින් රටේ ජනතාව ජාති, ආගම්, කුල, පළාත් ආදී විවිධ වූ කාණ්ඩ ලෙස බෙදා වෙන් කොට ඇත. එසේ බෙදා වෙන් කිරීමෙන් නතර නොවන පාලකයන් වෘත්තීය සංගම් බෙදා පාලනය කිරීමද ආරම්භ කර ඇත. වෘත්තීය සමිති සාමාජිකයන් අතර ඇති විවිධ වෙනස්කම් භාවිතා කිරීමත්, එම වෘත්තීය සංගමයේ ක‍්‍රියාකාරකයන් පිළිබඳව සාමාජිකත්වය තුළ කලකිරීම් ඇති කරවීමටත්, වෘත්තීය ක‍්‍රියාකාරීන් තුළ සාමාජිකත්වය පිළිබඳ කලකිරවීමත් දැඩිව යොදා ගනියි. මෙම ක‍්‍රියාදාමය තවදුරටත් පහසු කිරීම සඳහා එකම වෘත්තීයේ විවිධ ශ්‍රේණි අතරද, ජාතීන් ලෙසද, ආගම් ලෙසද, ස්ත‍්‍රී පුරුෂභාවය මතද පමණක් නොව තවත් ඉතාමත් සියුම් කාරණා මත අවිශ්වාසය ගොඩනන්වමින් එකමුතුකම විනාශ කරමින් වෘත්තීය සමිති දුර්වල කිරීමට කටයුතු කරනු දක්නට ඇත. මේ ආකාරයටම එක් අරමුණක් වෙනුවෙන් එකට එක්ව පෙනී සිටිය යුතු ශක්තිමත් කණ්ඩායමක් අරමුණු ගණනාවක් පෙන්වා එම අරමුණු ගණනාව වෙනුවෙන් වෙන් වෙන්ව පෙනී සිටින දුර්වල කණ්ඩායම් ගණනාවක් බවට පත් කිරීම ¥ෂිත පාලකයන්ගේ අවසාන අරමුණ බව පැහැදිළිය. එසේ කිරීම තුළ යම් වෘත්තීය කණ්ඩායමකට තමන්ගේ අවසාන අරමුණ කුමක්දැයි යන්න පවා අවසාන එකඟතාවයට එළඹීම අපහසු වනු ඇත.

 සාමාජිකත්වය කලකිරී නිශ්ෂබ්ද වනු ඇත. අව්‍යාජ වෘත්තීය ක‍්‍රියාකාරිකයන් වෘත්තියට නායකත්වය දීමට ඉදිරිපත් නොවනු ඇත. වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවට එකිනෙකාට විවේචන එල්ල කර ගනිමින් දේශපාලකයන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීම තුළ වෘත්තීයත්, රටත්, ජනතාවත් සියල්ල පරාජයට පත්වනු ඇත. ¥ෂිත දේශපාලකයන් සිය පැවැත්ම තහවුරු කර ගනු ඇත.

 වෘත්තිය සමිතියකට පොදු අරමුණු ඇත. එම පොදු අරමුණු වෙනුවෙන් කටයුතු කිරීමේදී විවිධ සාමාජිකයන්ට විවිධ ආකාරයේ උපක‍්‍රම, මතවාද හා විවේචන තිබිය හැක. මෙම සියලූම කාරණා වෘත්තීය සමිති සාමාජිකත්වය පමණක් රැුස්වන සාකච්ඡුා මණ්ඩලවලදී සාකච්ඡුා කළ යුතුය. එවැනි අවශ්‍ය තරම් තර්ක විතර්ක සිදු කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී තීරණවලට එළඹිය යුතුව ඇත. එම තීරණ ගත් පසු එම තීරණ වෙනුවෙන් සමස්ත සාමාජිකත්වය එකාවන්ව පෙනී සිටියි. එසේ නොකළහොත් හෝ බහුතර මතය විවේචනය කරමින් කටයුතු කිරීම තුළ අවස්ථාවාදීන්ට වෘත්තීය සමිතියක් විනාශ කිරීමට මඟ පෑදෙනු ඇත. දැනුවත්ව හෝ නොදැනුවත්ව වෘත්තීය සමිති විනාශ කිරීමේ ක‍්‍රියාවලියට දායකත්වය ලබා දෙනු ඇත. එබැවින් ඕනෑම වෘත්තීයක් ශක්තිමත් ලෙස නැඟී සිටිය හැක්කේ එකමුතුකම හා අන්‍යෝන්‍ය විශ්වාසය පවතිනතාක් පමණි. එහිදී ඕනෑම වෘත්තීය සමිතියකට විනයක් තිබිම අත්‍යවශ්‍යය. එම විනය තුළ සාමාජිකත්වය එකමුතුව තබා ගැනීම වඩාත් පහසු වනු ඇත. එම විනය පවත්වාගෙන යෑමෙන් ලැබෙන එකමුතුකම ප‍්‍රභල ශක්තියක් ලෙස භාවිතා කරමින් වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් රට සංවර්ධනය කරා යොමු කිරීමට හැකිවනු ඇත.

 එකමුතු කමින් රටත් වෘත්තියත් දිනවමු.

*  පෙරඹර - වෘත්තීය සමිති  එකමුතුකම හා රට

වෛද්‍ය නවීන් ද සොයිසා
 රජයේ වෛද්‍ය
 නිලධාරීන්ගේ සංගමය.

advertistmentadvertistment
advertistmentadvertistment