දුරු කතර ගෙවා මැණිකේ ආපහු ගෙදර ඇවිත්

309

අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රන (satellite-tagged) සවි කරන ලද ‘‘මැණිකේ’’ නමින් නම් කරන ලද මුහුදු ලිහිණියකු කිලෝමීටර් 20,000ක් දුරගෙවා පසුගිය 4 වැනිදා යළිත් තම සිසිර ගමනාන්තය වූ ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත. හියුග්ලින් ගලූවියකු (Heuglinzs Gull) 80 දුරක් ගෙවා තම නිජබිම වූ උතුරු රුසියාවට ගොස් තිබිණි. යළිත් සිසිර සෘතුවේදී කිලෝමීටර් 11,480 දුරක් ගෙවා පූර්ණ සංක‍්‍රමණ චක‍්‍රයකින් පසු කිලෝමීටර් 19,360ක විශ්මයජනක දුරක් එක් වසරකදී සම්පූර්ණ කර ඇත. එදිනම මුදු පැළ`දූ මේඝ නම් ගලූවියාද කිලෝමීටර් 20,000ක් ගෙවා ශ‍්‍රී ලංකාව ආසන්නයට පැමිණෙමින් සිටින බව මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න ඊයේ (28දා) සවස දිවයිනට පැවසීය. මැණිකේ නම් මෙම පක්ෂියාට ලංකාවෙන් පිටත්වීමට පෙර සැටලයිට් සවිකරන ලද අයුරු ඡායාරූපයේ දැක්වේ.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment