මහ බැංකුවේ නව තීරණයත් සමග බැංකුවලින් ඩොලරයට රු.230ක්

188

ශී‍්‍ර ලංකා මහ බැංකුව විනිමය අනුපාතය සම්බන්ධයෙන් ගත් නව තීරණයත් සමග ඊයේ (08 දා) මෙරට ප‍්‍රධාන පෙළේ වාණිජ බැංකු බොහොමයක් සිය දෛනික විනිමය අනුපාත සටහනේ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු.230ක් ලෙස සටහන් කර තිබිණි.

විනිමය අනුපාතයට ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට ඉඩ සලසන බවට මහ බැංකුව සඳහන් කළත් ඒ සමගම මහ බැංකුව නිවේදනය කළේ විදේශ විනිමය ගනුදෙනු ඇමරිකානු ඩොලරයකට රු.230කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි. මේ අනුව වෙළෙඳපොළ නියෝජිතයින් පවසනුයේ මහ බැංකුව තවදුරටත් ඇමරිකානු ඩොලරයක අගය රු.230ක මට්ටමේ රැකගෙන යාමට කටයුතු කරමින් සිටින බවයි.

මේ අනුව ඇමෙරිකානු ඩොලරයක අගය වෙළෙඳපොළ තුළ ද තීරණය වීමට ඉඩ සලසන ඉහළ සීමාව රු.230ක් බව ද ඔවුහු සඳහන් කරති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment