විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්මත වුණොත් රටේ වංචා දූෂණ වැඩිවෙයි – ජී. එල්. පීරිස්

103

යෝජිත විකාශන අධිකාරි පනත සම්මත වුවහොත් වංචා දූෂණ හෙළි කිරීමට ඉදිරිපත්වන පිරිස අඩුවීම නිසා රටේ වංචා දූෂණ ඉහළ යන බවත්, එවැනි තත්ත්වයකදී ප්‍රති දූෂණ පනත ගෙන ඒමෙන් ප්‍රතිඵලයක් තිබේද යන්න සලකා බැලිය යුතු බවත් නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා ඊයේ (19 දා) පැවසීය.

ප්‍රති දූෂණ පනත හෙට (21 දා) පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බව ද නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ (19 දා) පැවැති මාධ්‍ය හමුවේදී ජී. එල්. පීරිස් මන්ත්‍රීවරයා කීය.

53 වැනි ජිනීවා සැසිවාරය ඊයේ ආරම්භ වූ බවත්, එහිදී අප රටේ ආණ්ඩුව විසින් ගෙනයන මාධ්‍ය මර්දන ක්‍රියාකලාපය නිසා රටට අවාසි වන බවත් පැවසූ ඒ මහතා මාධ්‍ය මර්දනය කිරීම සඳහා ජනාධිපතිවරයා සෘජුවම දායක වී ඇති බව ඔහුගේ ප්‍රකාශවලින් මනාව පැහැදිලි වන බවත් කියා සිටියේය.

කරුණු 08 ක් පදනම් කරගෙන යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පතට විරුද්ධ වන බව ද මෙවැනි පනත් ගෙන ඒමට පෙර ආණ්ඩුව කළ යුත්තේ 1997 ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පිළිබඳ පූර්වාදර්ශයක් ලබාගැනීම බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment