පුංචි ඡන්දයට නම් දුන් රාජ්‍ය සේවකයන් කොට්ඨාසයෙන් පිටතට යවා වැටුප් ගෙවනවා – රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර

86

පළාත් පාලන මැතිවරණය මේ මස 25 වැනිදා පැවැත්විය නොහැකි බැවින් ඊට නාම යෝජනා දී සිටින රාජ්‍ය සේවකයන් ඡන්දයට ඉදිරිපත් වන කොට්ඨාසයෙන් පිටත ස්ථානයකට පත් කර වැටුප් ගෙවීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර ඊයේ (10 දා) පැවැති විශේෂ හමුවෙන් පසුය.

මැතිවරණ කොමිසම විසින් ඡන්දය පැවැත්වීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති මුදල් සම්බන්ධයෙන් සාධාරණයක් කිරීමට අගමැතිවරයා පියවර ගන්නා බව පැවසූ බව ද සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය සමග මැතිවරණ කොමිසම වෙනම සාකච්ඡා පවත්වනු ඇතැයි කීවේය.

ඉන්පසු මැතිවරණය පවත්වන දිනය ගැන ප්‍රකාශයක් කරනු ඇති බවත් දැනට පවතින තත්ත්වය අනුව අප්‍රේල් 25 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බවත් කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment