යෝජිත නව ත්‍රස්ත පනත තිබෙන පනතට වඩා හොඳයි

359

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය කියයි

යෝජිත නව ත්‍රස්ත පනත තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා හොඳ යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි විශ්‍රාමික විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය දිවයිනට ඊයේ (10 දා) පැවසීය.

පැවැති නීතියේ රැඳවුම් නියෝග ලබාදීම ජනාධිපතිවරයා විසින් සිදුකළ ද නව පනතට අනුව එම බලය නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පවරා ඇති නමුත් එය අනුමත කිරීමට පෙර ඇප ලබාදීමට මහෙස්ත්‍රාත්වරයකුට බලය පවරා තිබීම හොඳ තත්ත්වයක් බව ද ඇය කීවාය.

යෝජිත නව ත්‍රස්ත පනත ගැන ඊයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිවිල් සංවිධාන නියොජිතයන් සමඟ සාකච්ඡා කළ බවත් එහිදී ඒ ඒ පාර්ශ්ව පනතේ හොඳ නරක පෙන්වා දුන් බවත් පැවසූ සභාපතිනිය ඒ සම්බන්ධයෙන් නැවත වරක් කොමිසමේදී එම සංවිධාන නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ද කියා සිටියාය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment