දකුණු ආසියානු කලාපයේ සංවර්ධන සංකල්පය

321

ඉන්දියාව අද ලොව පස්වැනි විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති අතර එය ඩොලර් ටි්‍රලියන 3.5 සීමාවට ළඟා වී ඇත. පළමු ටි්‍රලියනයට ළඟා වීමට ඉන්දියාවට වසර 60ක් පමණ ගත විය. දෙවන ටි්‍රලියනය සඳහා වසර 8ක් ගත වූ අතර තෙවන ටි්‍රලියනය සඳහා ගත වූයේ වසර 5ක් පමණි. එමඟින් ඉන්දියානු සංවර්ධනයේ වේගය මනාව පැහැදිලි වේ.

2023 පෙබරවාරි මස 23 වන දින කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යාපීඨය මඟින් දකුණු ආසියාතික සමාජවල සංවර්ධනවාදයට එදිරිව සුභසාධනය යන තේමාව මුල්කර ගනිමින් සංවිධානය කෙරුණු DeWeSAS 23 පර්යේෂණ සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් පවත්වන ලද දේශනය ඇසුරෙන් සකස් කරන ලද ලිපියකි.

දකුණු ආසියානු කලාපයේ සංවර්ධන සංකල්පය පිළිබඳ සලකා බැලීමේ දී, වර්ධනය සහ සංවර්ධනය අතර ඇති අපසරණය, ඉන්දියාවේ සිදු කෙරෙන ප්‍රයත්නයන්, දකුණු ආසියාතික රටවල අධ්‍යාපනය හා රාජ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගැනීම වැදගත් වේ. දකුණු ආසියානු කලාපයේ සංවර්ධනය සහ සුභසාධනය සම්බන්ධයෙන් ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් සලකා බැලිය හැකි ය. ඒවා නම්, පුද්ගලයන් වශයෙන් කළ හැකි දේ, දැනට ඉන්දියාවේ පවතින අත්දැකීම් සහ ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට එක්ව කළ හැකි දේවල් ය.

මෙහි පළමු අංගය වන පුද්ගලයන් වශයෙන් කළ හැකි දේ පිළිබඳ සලකා බැලීමේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමඟ එක්වි ‘LiFE’ නමින් දියත් කළ ව්‍යාපෘතිය ඉතා වැදගත් වේ. ‘LiFE’ යන්නෙන් අදහස් වූයේ පරිසරය සඳහා ජීවන රටාව යන්නයි. සෑම පුද්ගලයකුටම තමාට ආවේණික වූ ජීවන රටාවක් ඇත. ජීවන රටාව යනු හුදෙක් ධනවතුන් හෝ උගතුන් හෝ නාගරිකයන් පමණක් ආරක්ෂා කරන දෙයක් නොවේ. සැබවින්ම මිනිසුන්ට පමණක් නොව වෙනත් ජීවීන්ට ද තමාට ආවේණික වූ ජීවන රටාවක් ඇත. කෙසේ වෙතත්,ි‘LiFE’ ව්‍යාපෘතිය හරහා අවධානය යොමු කරනු ලැබූයේ පරිසරය සඳහා ජීවන රටාවක් සකස් කරගැනීමේ දී ක්‍රියාත්මක කළ හැකි කුඩා සහ විශාල ක්‍රියාකාරකම් ය. ඇතැම් විට පරිසරය, තිරසර සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය, පෝෂණය වැනි විශාල මාතෘකා ප්‍රතිපත්තිමය මුලපිරීම් මත රඳා පවතී. එනමුත් පුද්ගලයන් වශයෙන් අපට පහසුවෙන් කළ හැක්කේ කුඩා ක්‍රියාකාරකම් ය. එනම් එදිනෙදා ජීවන රටාව තිරසර ක්‍රියාකාරකම් බවට වෙනස් කිරීමේ හැකියාව පුද්ගලයා සතු වේ. උදාහරණයක් ලෙස, අපට විදුලි සෝපානය වෙනුවට පඩිපෙළක් භාවිත කළ හැකි ය: කාමරයෙන් පිටතට යන අවසන් පුද්ගලයාට කාමරයේ ආලෝකය නිවා දැමිය හැකි ය: කාන්දු වන ටැප් හෝ නළ මාර්ගයක් සවි කිරීමට ජලනළ කාර්මිකයා ඇමතිය හැකි ය: ප්ලාස්ටික් වෙනුවට ස්වභාවික විකල්ප භාවිත කළ හැකි ය.

මේවා කුඩා ක්‍රියාකාරකම් වන අතර ඒවා සඳහා විශාල වෙනස්කම් හෝ ප්‍රතිපත්තිමය මුලපිරීම් අවශ්‍ය නොවේ. එබැවින් මෙවැනි ක්‍රියාකාරකම් හා ජනතාව සම්බන්ධ වීම ඉතා වැදගත් වේ. ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පරිසරය සඳහා ජීවන රටාව සඳහා දියත් කරන ලද ඛසත්‍ෑ ව්‍යාපෘතියෙහි පණිවිඩය ද එය විය. විශේෂයෙන්ම තරුණ තරුණියන් පරිසරයේ පැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි කුඩා පියවර කවරේදැයි සොයා බැලීම ඉතා වැදගත් වේ. ඒ අනුව අපට අපගේ නිවාසවල, කාර්යාලවල, ජනපදවල තෙත් සහ වියලි කසළ වෙන් කිරීමට ක්‍රමවේදයක් සකස් කළ හැකි ය: ඒවා බලය හා ජෛව පොහොර නිපදවීමට භාවිතා කළ හැකි ය. ඒවා විශාල ආයෝජනයක් අවශ්‍ය ක්‍රියාකාරකම් නොවන අතර ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා පරිසරයට අප සංවේදී වීම අවශ්‍ය වේ.

දෙවන අංගය වන්නේ වර්ධනය, සංවර්ධනය සහ ප්‍රගතිය පිළිබඳ පවතින ත්‍රිකෝණමිතියයි. මේ සියල්ලෙන් අදහස් වන්නේ සංවර්ධනය යන්නයි. ආර්ථික විද්‍යාඥයන් ශතවර්ෂ ගණනාවක් ද වෙනත් පුද්ගලයන් දශක ගණනාවක් තිස්සේ ද ඒවා පිළිබඳ විවාද කර ඇත. වර්ධනය හා සංවර්ධනය, සංවර්ධනය සහ දියුණුව අතර වෙනසක් ඇත. කෙසේ වෙතත්, වර්ධනය, සංවර්ධනය, සහ ප්‍රගතිය අන්‍යොන්‍ය වශයෙන් බැහැර විය යුතු නැත. ඒවා ඇතැම් විට එකිනෙකට සම්බන්ධ වේ. එනමුත් වර්ධනය, සංවර්ධනය සහ ප්‍රගතිය ඒකාබද්ධ කිරීමට අප උත්සාහ කරන තරමට, අපගේ දරුවන්ට, අනාගත පරම්පරාවට මෙන්ම සමාජයට, රටට, මානව වර්ගයා සහ සමස්තයක් ලෙස පෘථිවියට වඩා හොඳ ප්‍රතිඵල ලබාගත හැකි වනු ඇත.

අද ඉන්දියාවේ සිදුවෙමින් පවතින සිදුවීම් කිහිපයකින් මෙම තත්ත්වය පැහැදිලි කළ හැකි ය. ඉන්දියාව අද ලොව පස්වැනි විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති අතර එය ඩොලර් ටි්‍රලියන 3.5 සීමාවට ළඟා වී ඇත. පළමු ටි්‍රලියනයට ළඟා වීමට ඉන්දියාවට වසර 60ක් පමණ ගත විය. දෙවන ටි්‍රලියනය සඳහා වසර 8ක් ගත වූ අතර තෙවන ටි්‍රලියනය සඳහා ගත වූයේ වසර 5ක් පමණි. එමඟින් ඉන්දියානු සංවර්ධනයේ වේගය මනාව පැහැදිලි වේ.

තව ද, ඉන්දියාව ඩිජිටල්කරණයෙන් වේගවත්ව ඉදිරියට පැමිණ ඇති බව කවුරුත් දන්නා කරුණකි. 2022 වසරේ ලෝකයේ තත්‍ය කාලීන ඩිජිටල් ගනුදෙනුවලින් 41%ක් ඉන්දියාවේ සිදු විය. එක් කාලයකදී මෙම ගනුදෙනු ඉන්දියාවේ බිලියන 48ක් සහ චීනයේ බිලියන 18ක අනුපාතයකින් යුක්ත විය. 2015 වසරේ දී ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා විසින් සිය ඩිජිටල් ඉන්දියා ව්‍යාපෘතිය (Digital India Initiative) ආරම්භ කරන විට, ඒක පුද්ගල දත්ත භාවිතය අනුව ඉන්දියාව ලොව 122 වැනි ස්ථානයට පත්විය. සංඛ්‍යා ලේඛනවලට අනුව ඉන්දියාව අද එක්සත් ජනපදය සහ චීනය එකට එකතු කරන ලද දත්තවලට ද වඩා වැඩි දත්ත ප්‍රමාණයක් පරිභෝජනය කරයි. සෑම විනාඩියකට වරක් ඉන්දියාවේ පුද්ගලයන් තිදෙනකු අන්තර්ජාලයට සම්බන්ධ වන අතර ඉන්දියාව ලොව අන්තර්ජාලය භාවිත කරන දෙවන විශාලතම රට වේ. සෑම විනාඩියකටම ඉන්දියානුවන් තිදෙනෙක් අන්තර්ජාලයට එක් වන අතර ඉන් දෙදෙනෙක් ග්‍රාමීය මට්ටමින් සම්බන්ධ වෙති. මෙමඟින් පැහැදිලි වන්නේ තාක්ෂණය, ඩිජිටල්කරණය, රාජ්‍ය ප්‍රතිපත්ති ආදී සියල්ල මිනිසා අත ඇති මෙවලම් බවයි.

ඉන්දියාව ‘එක් දිස්ත්‍රික්කයක් එක් නිෂ්පාදනයක්’ නමින් ව්‍යාපෘතියක් දියත් කරයි. ඉන්දියාවේ දිස්ත්‍රික්ක 700 කට වඩා තිබෙන අතර එක් දිස්ත්‍රික්කයක් එක් නිෂ්පාදනයක් ලෙස මෙහිදී අදහස් වන්නේ එක් දිස්ත්‍රික්කයකට එක් ප්‍රමුඛ නිෂ්පාදනයක් පවතින බව හා එය ප්‍රවර්ධනය කිරීම රජයේ වගකීම ලෙස සැලකීමයි. ඒ ක්ෂුද්‍ර මූල්‍යමය කටයුතු හරහා ය. සම්පූර්ණ කටයුත්ත සූදානම් කිරීමට ව්‍යවසායකයන්ට දින කිහිපයක් ලබා දේ. සමහර අවස්ථාවල දින 5ක් 7ක් ඇතුළත සම්පූර්ණ කටයුත්ත සූදානම් කෙරෙයි. ණය ලබා දීමට, තාක්ෂණික සහාය ලබා ගැනීමට, හා නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා වෙළෙඳපොළට නිකුත් කිරීමට විවිධ ආයතනවල සහාය ලබාගනී. එබැවින් එය සමස්ත පරිසර පද්ධතියක් බවට පත්ව ඇත. එමෙන්ම කොවිඩ් වෛරසයත් සමඟ රැකියා අහිමි වූ බොහෝ දෙනෙක් මේ වන විට හාම්පුතුන් බවට පත් ව ඇත. ඔවුන් මෙම පහසුකම් ලබාගෙන අනෙකුත් තරුණ තරුණියන්ට ද රැකියා ලබා දෙන මට්ටමට මෙම ව්‍යාපෘතිය හරහා ඔවුන්ගේ විශ්වාසය වර්ධනය වී ඇත. රැකියා සොයමින් සහ රැකියා සඳහා අයැදුම් කරමින් කල්ගත කිරීම වෙනුවට ඔවුන් මේ වන විට තමන්ට, තම පවුලේ අයට පමණක් නොව තවත් බොහෝ දෙනකුගේ ජීවනෝපාය සපයන්නන් බවට පත්ව ඇත. එබැවින් වර්ධනය සහ සංවර්ධනය අනිවාර්යයෙන්ම එකිනෙකාට පමණක් සීමා වූ හෝ ප්‍රගතිය යන සංකල්පයට පමණක් සීමා වූ සංකල්ප නොවිය යුතු ය.

තෙවන අංගය වන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව ය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ශිෂ්ටාචාරමය සම්බන්ධය අප කවුරුත් දන්නා අතර දෙරට අධ්‍යයන ප්‍රජාවන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීමට දෙරට සතු වැඩසටහන් ගණනාවක් ඇත. ඒ අනුව දෙරට විශ්වවිද්‍යාල අතර අධ්‍යාපනික සම්මන්ත්‍රණ ආදිය මෙම සබඳතාව සමරයි. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ හුවමාරු වැඩසටහන් ගණනාවක් දෙරට අතර පවතී: ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින ශිෂ්‍යත්ව වැඩසටහන් බොහෝ දෙනකුට හුරු පුරුදු ය. ශ්‍රී ලාංකේය ආයතන සමඟ එක්ව IIT වැනි ගෝලීය සන්නාම ඉන්දියාවෙන් ගෙන ඒමේ වැඩසටහන ද ඉන්දියාව සතු වේ. පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4 ක පමණ ආධාරයක් ලබා දීමට ඉන්දියාව ඉදිරිපත් විය. මේ වසරේ IMF වෙතින් ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීමේ මාර්ගය විවෘත කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතිකය ලිඛිතව IMF වෙත ලබා දුන් පළමු රට ඉන්දියාවයි. දිගුකාලීන සහ මධ්‍ය කාලීන වශයෙන් ඉන්දියාවේ ප්‍රවේශය වන්නේ රටවල් ද්විත්වයට ම එකට සමෘද්ධිමත් විය හැකි පරිදි පුනර්ජනනීය බලශක්තිය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ඖෂධ වැනි ක්ෂේත්‍රයන් හරහා ඉන්දියාවෙන් වැඩි ආයෝජනයක් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ ආයෝජන කෙරෙහි අවධානය යොමු කිරීමයි.

ප්‍රතිභා රාජසිංහ
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය
advertistmentadvertistment
advertistmentadvertistment