ඉහළින්ම පොසොන් සමරන්නට ජනපතිගෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස්

109

පොසොන් උත්සවය ද ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.

රට පුරා පොසොන් උත්සව කටයුතු සාර්ථක කර ගැනීමට ජනාධිපති කාර්යාලය මගින් සෘජු මැදිහත්වීම ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් දී තිබේ.

වසර හතරකට පසු වෙසක් උත්සවය සාර්ථක ලෙස පැවැත්වීමට දායක වූ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට ද ජනාධිපතිවරයා විසින් සිය ප්‍රණාමය පුදකර තිබේ.

අනුරාධපුරය සහ මිහින්තලා පුදබිම පාදක කර ගනිමින් ප්‍රධාන පිංකම් සංවිධානය කරන අතර අනුරාධපුර සහ පොලොන්නරුව ඓතිහාසික සිද්ධස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ප්‍රතිපත්ති හා ආමිස පූජාවන් සඳහා රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය වන්නේ කුමන අයුරින් ද යන්න සොයා බලා වාර්තා කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

පොසොන් පොහොය දිනය බෞද්ධයන්ට මෙන්ම සමස්ත ජනතාවටම වැදගත් දිනයක් වන හෙයින් පොසොන් පොහොය උත්කර්ෂවත්ව සැමරිය යුතුම පුණ්‍යෝත්සවයක් බවද ජනාධිපතිවරයා නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment