ඥාති දියණියට අතවර කළැයි පැවරූ නඩුවෙන් අධි චෝදනා ලැබූ මාමාවරු දෙදෙනා නිදොස් කොට නිදහස්

1026

දාහතර වියැති බාලවයස්කාරියක වූ තම ඥාති නැගණිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබූ ඥාති මාමාවරුන් දෙදෙනකුට එරෙහිව මීගමුව මහාධිකරණය හමුවේ පැවති නඩු විභාගයේදී පැමිණිලිකාරිය විත්තිකරුවන්ට එරෙහිව සාක්‍ෂි ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කරමින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මීගමුව මහාධිකරණ විනිසුරු ආර්. ඩී. පී. පී. රත්නායක මහතා විසින් එම විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට ඉකුත් 5 දා නියෝග කළේය.

2012 ජනවාරි 01 වැනිදා සිට 2014 ජනවාරි 31 වැනිදා දක්වා අතර කාලය තුළදී පමුණුගමදී තම ඥාති නැගණිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනා අධි චෝදනා ලබා සිටියහ. බාලවයස්කාරිය තම මිතුරන් සමග සෙල්ලම් බත් උයමින් සිටියදී ඇගේ මිතුරන් වෙතින් ඇය වෙන්කොට ඇයව අපයෝජනය කළ බව පැමිණිල්ලේ සඳහන් වේ.
මීගමුව – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment