ත්‍රිවිධ හමුදාවට පොදු සමා කාලයක්

137

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා මෙම මස.20 වැනිදා සිට මැයි මස.20 වැනිදා දක්වා ප්‍රකාශයට පත්කරන ලද පොදු සමා කාලය නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින අධිකාරිලත් නිලධාරීන් සඳහා අදාල නොවන බව ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. 2023.12.31 දින හෝ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සෙසු නිලයන් සඳහා පමණක් වලංගු වේ.නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින අධිකාරිලත් නිලධාරීන් සඳහා මෙම පොදු සමා කාලය වලංගු නොවන බවද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment