නාදුනන මළ සිරුරක් හමුවෙයි

179

කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ බේරේ වැව ආසන්නයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබේ.ඊයේ (06) උදෑසන කාලයේදී එම මළ සිරුර ගැන කොම්පඤ්ඤවීදිය පොලිසීයට තොරතුරක් ලැබී ඇති අතර මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.මරණකරු වයස අවුරුදු 45ත් 50ත් අතර උස අඩි 05යි අඟල් 06 පමණ වන පිරිමි පුද්ගලයෙකු වන අතර නිල් පැහැති කොටු සරමක් ඇඳ සිටී.මෘත ශරීරයේ බාහිරින් පෙනීමට තුවාල කිසිවක් නොමැති බව පොලීසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment