විකල්ප ක‍්‍රම මගින් විදුලි කප්පාදුව අවම කිරීමට පියවර ගත යුතුයි

128
  • බැසිල් කැබිනට් හමුවේදී කියයි

තාප විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන නොපමාව ලබාදී අඛණ්ඩව විදුලි සැපයුමක් පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේදී විදුලිබල ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී ඇත.

විදුලි කප්පාදුව නිසා රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බැවින් විකල්ප ක‍්‍රම හරහා විදුලිය කපා හැරීම අවම කිරීමට පියවර ගතයුතු බව ද ඇමැතිවරයා එහිදී පෙන්වාදී තිබේ.

විදුලිය සැපයීම ප‍්‍රමුඛතාව ලෙස සලකා කටයුතු කළ යුතු බව ද ඇමැතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (07 දා) පැවති කැබිනට් මණ්ඩල හමුවේදී විදුලිය, ඉන්ධන, සහ ගෑස් අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡුා වී ඇත.

බත්තරමුල්ල නෙළුම් මාවත ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ (08 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment