ඉසුරු බණ්ඩාරගේ හඩ පටයක් ගැන හුටපටයක්

354


මහා පරිමාණ මූල්‍ය චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා ලෙස සැලකෙන ඉසුරු බණ්ඩාර නැමැත්තාගේ දුරකථන හඬපටයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉසුරු බණ්ඩාර කිසියම් පුද්ගලයෙකු සමග සිදුකරනු ලබන දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වන බවට වාර්තා වී ඇත.
ඒ අනුව එම හඬපටය සම්බන්ධයෙන් ඉසුරු බණ්ඩාර නැමැත්තාගෙන් ප්‍රකාශයක් ද ලබාගෙන ඇති බව වාර්තා වේ.
සමාජ මාධ්‍යයේ සංසරණය වන එම හඬපටය බන්ධනාගාරය තුළදී සිදුවූ සංවාදයක් නොවන බව ඉසුරු බණ්ඩාර නැමැත්තා එහිදී සඳහන් කර ඇත.
කෙසේවෙතත් එම හඬපටය කුමක් ද කුමන දුරකථනයකින් කවදා සිදුවූ සංවාදයක් ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment