සමුගැනීමේ සටනට පෙර වෝනර්ගේ හිස් වැස්ම නැතිවේ

381

ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගි වන අවසන් තරගය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී අද (03 වැනිදා) ආරම්භ වේ.

පකිස්තානයට එරෙහිව පැවැත්වෙන එම තරගය වෝනර් සහභාගි වන 112 වැනි ටෙස්ට් තරගය වන අතර එම තරගය සඳහා සහභාගී වීම පිණිස මෙල්බන් සිට සිඩ්නි දක්වා ගුවන් යානයෙන් පැමිණෙන අතරතුර වෝනර්ගේ හිස් වැස්ම ඇතුළත් බෑගය අස්ථානගත වී ඇත.

ඒ හිස්වැස්ම තමාට සොයා දෙන ලෙස වෝනර් සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ ඉල්ලීමක් ද කර තිබුණි.

“මෙය මගේ අවසාන විසඳුමයි.”

ගුවන් ආයතනය පවසා ඇත්තේ ඔවුන් ඔවුන්ගේ කැමරා පරීක්ෂා කළ බවත් කිසිවකු අපගේ බෑග් විවෘත කර බෑගය ගන්නා බවත් දැක නැති බවයි. කොහොම වුණත් මෙය ඉක්මනින් ආපසු ලබා දෙන්නේ නම් මම ස්තූතිවන්ත වෙමි. ඒ වෙනුවට ස්තුතියි.” යැයි වෝනර් නිකුත් කළ එම පණිවිඩයේ දැක්වේ.

ටෙස්ට් තරග 111 කදී වෝනර් ලකුණු 8695 ක් රැස්කර ඇති අතර ටෙස්ට් ශතක 26ක් සහ අර්ධ ශතක 36 ක් ඊට ඇතුළත්ය.

2011 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාට ගෞරවනීය සමුදීමක් සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බව එරට මාධ්‍ය සඳහන් කරයි. පකිස්ථානය සහ ඔස්ට්‍රේලියාව අතර තරග තුනකින් යුතු තරගාවලිය මේ වනවිටත් 2-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කර ඇත. මේ අතර පෙරේදා වෝනර් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තමන් එක් දින ජාත්‍යන්තර පිටියෙන් ද සමු ගැනීමට තීරණය කර ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment