ශ්‍රී ලංකාවට කඩුලු 05ක ජයක්

346

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය අද (21) පැවැති තරගයේදී කඩුලු 05කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 262ක් රැස් කළේය.ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ලකුණු 263 ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 48යි පන්දු 02ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 91ක්ද පැතුම් නිස්සංක 54ක් සහ චරිත අසලංක 44ක් ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment