මීගමුව රෝහලේ කොරෝනා රෝගීන් බෙදාගන්න බැරිව පිහියෙන් ඇනලා

356


* පිහි ඇනුම් කෑ උපස්ථායකයා රෝහලේ  *  සැකකරුට ඇප

මීගමුව මහ රෝහලේ කොරෝනා රෝගීන් රැුකබලා ගැනීමේ කටයුතුවල නියුතුව සිටි කුලී උපස්ථායකයන් දෙදෙනකු අලූතින් රෝහල් වෙත පැමිණි කොවිඞ් ආසාදිතයකු කුලියට උපස්ථාන කිරීමට අයිතිකර ගැනීමට යෑමේදී ඇතිකරගත් ආරවුලකදී එක් උපස්ථායකයකු විසින් අනිත් කුලී උපස්ථායකයාට පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත්කොට ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසියේ පො. කො. (82489) අමල් මහතා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු වාර්තාව අනුව මෙම සිද්ධියට අදාළව කුලී උපස්ථායකයකු වන කටාන පදිංචි ඩබ්ලිව්. කේ. සුනිල් නමැති සැකකරු (7 දා) අත්අඩංගුවට ගෙන ඇත. ඉන් අනතුරුව සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරු කොරෝනා රෝගීන් රැුකබලා ගන්නා කුලී උපස්ථායකයකු බවය. තුවාලකරුද ඔහු මෙන්ම රෝහලේ රෝගීන් රැුකබලා ගන්නා කුලී උපස්ථායකයෙකි.

රෝහලට ඇතුල්කළ අලූත් කොවිඞ් රෝගියකු රැකබලා ගැනීම සඳහා රෝගියාගේ භාරකාරත්වය ලබා ගැනීමට දෙදෙනා අතර සිදුවූ අරගලයේදී පිහි ඇනුම සිදුව ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවට පැමිණවූ අවස්ථාවේ තුවාලකරු බරපතළ තත්ත්වයෙන්් නොසිටීමත්, කොවිඞ් රෝගය ව්‍යාප්තවීමත් සැලකිල්ලට ගත් මීගමුව අතිරේක මහෙස්ත‍්‍රාත් චම්පික රාජපක්ෂ මහතා විසින් සැකකරුට තරයේ අවවාද කර රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප නියම කරන ලදී. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සම්පත් කරුණාතිලක මහතා පෙනී සිටියේය.

මීගමුව සමූහ – විමල් කීර්ති
 

advertistmentadvertistment
advertistmentadvertistment