AMW නව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස Andre Bonthuys පත් කරයි

67

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය වන Associated Motorways (Private) Limited (AMW), සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuys මහතා තෝරා පත් කර ගන්නා ලදී.

1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින් ආරම්භ කරන ලද AMW සමාගම re-treading සහ අපනයන කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. AMW සමාගම වසර 75ක දිගු කාලපරිච්ඡේදයක් පුරාවට මෝටර් රථ අලෙවිය සහ සේවා, ලිහිසි තෙල්, බැටරි, ටයර් සහ මූල්‍ය සේවා දක්වා සිය සමාගමේ කටයුතු ව්‍යාප්ත කර තිබෙන අතර Nissan, Yamaha, Suzuki, Renault, සහ Castrol වැනි සුප්‍රසිද්ධ ජාත්‍යන්තර සන්නාම රැසක මෙරට ප්‍රධාන නියෝජිතයා ලෙසද කටයුතු කරනු ලබයි.

2008 වසරේ ජූලි මාසයේ සිට AMW සමාගම එක්සත් අරාබිය පදනම් කරගත් මෝටර් රථ, ඉලෙක්ට්‍රොනික් උපකරණ, රක්ෂණ, දේපළ වෙළෙඳාම සහ සිල්ලර වෙළෙඳාම ආදී විවිධ අංශ ඒකාබද්ධ වූ ගෝලීය වාණිජ හා කාර්මික සමූහ ව්‍යාපාරයක් වන Al-Futtaim සමාගමට අනුබද්ධිත Al-Futtaim Engineering (AFE) යටතේ ක්‍රියාත්මක වේ. නව්‍යකරණය සහ ගුණාත්මකභාවය තුළින් පාරිභෝගිකයා වෙත විශ්වසනීය සේවාවක් සැපයීම වෙනුවෙන් AMW සැමවිටම කැපවී සිටියි.

අලෙවිකරණය, විකුණුම්, උපාය මාර්ග සහ අලෙවියෙන් පසු සේවාව පිළිබඳව වසර 26කට නොඅඩු මනා පළපුරුද්දක් සහිත Bonthuys මහතාට BMW, Jaguar, Land Rover, Volvo සහ Lucid Electric Vehicles වැනි සුඛෝපභෝගී මෝටර් රථ සන්නාම පිළිබඳ පුළුල් පසුබිමක් තිබෙන අතර Honda, Ford, Mazda, Nissan, Renault, සහ Suzuki වැනි ප්‍රධාන සන්නාමයන් පිළිබඳව මෙන්ම BMW, Honda සහ Yamaha ඇතුළු යතුරුපැදි සන්නාම පිළිබඳවද අත්දැකීම් රැසක් ඔහු සතුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment