සජබ ව්‍යවස්ථාවට පිටින් 20ට ඡන්දය දුන් ඩයනා මන්ත්‍රීකමට සුදුසු නෑ – ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න

55

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය ගෝඨාභය රාජපක්‍ෂ රජය පාර්ලිමේන්තුවට ගෙනා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ සමගි ජනබලවේගය පක්‍ෂයේ ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් වන බැවින් ඇය එම පක්‍ෂයේ මන්ත්‍රීවරියක ලෙස සැලකීමට නොහැකි බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඊයේ (12දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසීය.

පක්‍ෂ ව්‍යවස්ථාව අනුව පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කටයුතු කළ යුත්තේ පක්‍ෂයේ පොදු මතය අනුව බවත්, එයට පරිබාහිරව සිය පෞද්ගලික මතය අනුව කටයුතු කරන්නේ නම් පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ඒ සඳහා ලබාගත යුතු බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

පෙත්සම්කාරිය කටයුතු කර ඇත්තේ පක්‍ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වන බැවින් ඇය පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපාහැර ඇයට එරෙහිව විනය පියවර ගැනීමට පක්‍ෂයේ විධායක සභාව ගත් තීරණය නිත්‍යානුකූල බවත්, ඇගේ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා, ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

සිය පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජනබලවේගය පක්‍ෂය ගත් තීරණය අනුව තමාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය ගොනුකර තිබූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා එලෙස පැවසීය. එම පෙත්සම ලබන අප්‍රේල් 05 වැනිදා දක්වා කල් තැබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment