අයවැය හෙට

174

ලබන වසර (2023) සඳහා වන අයවැය යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස හෙට (13දා) දහවල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

එහිදී ලබන වසර සඳහා පුනරාවර්ථන වියදම රුපියල් බිලියන 5354 ක් සහ මූලධන වියදම ලෙස රුපියල් බිලියන 2473 ක් ලෙස මුළු වියදම බිලියන 7833 ක් වශයෙන් ඇස්තමේන්තු ගත කර ඇති අතර ඊට පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේද අනුමැතිය හිමිවිය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති සහ මුදල් ඇමති ලෙස පත්වී පසුගිය වසරේ (2022) දී අතුරු අයවැයක්ද ඉදිරිපත් කළ අතර ඒ අනුව මෙය ඔහු විසින් ඉදිරිපත් කරනු ලබන දෙවැනි අයවැය යෝජනාවලිය ලෙස සැලකිය හැකිය.

මෙහිදී ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3900 ක් දක්වා ඉහළ දමා තිබේ. ඔහු හෙට දහවල් අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට පසුදා (14දා) සිට 18 වැනි සෙනසුරාදා දක්වා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ. අනතුරුව, ඡන්ද විමසීමෙන් පසුව අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙනු ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment