සනීපාරක්‍ෂක ටිෂූ අමුද්‍රව්‍ය තහනමෙන් ක්‍ෂේත්‍ර රැසක අර්බුදයක්

318

සනීපාරක්‍ෂක ටිෂූ කඩදාසි නිෂ්පාදනය සඳහා ආනයනය කරන අමුද්‍රව්‍ය පැනවූ තාවකාලික තහනම හේතුවෙන් විවිධ ක්‍ෂේත්‍රවල සේවා සැපයීමේදී අර්බුදයක් හටගෙන ඇත.

මෙම සනීපාරක්‍ෂක ටිෂූ කඩදාසි පරිභෝජනයට පුරුදුව සිටින පුද්ගලයන්ට පමණක් නොව, සංචාරක, ඇඟලුම්, ආහාර නිෂ්පාදන කර්මාන්ත මෙන්ම රෝහල් හා වෛද්‍ය මධ්‍යස්ථානවලට ද මෙම ටිෂු කඩදාසි අත්‍යවශ්‍යය භාණ්ඩ බවට පත්ව ඇති අතර ඒ සඳහා යොදාගත හැකි විකල්ප නිෂ්පාදනයක් ද වෙළඳපොළේ නැත.

එසේම මෙම සනීපාරක්‍ෂක ටිෂූ කඩදාසි දේශීය වශයෙන් නිෂ්පාදනය කරන සමාගම්වල 700කට අධික පිරිසක් රැකියාවේ නිරත වන අතර ඊට අමතරව දිවයින පුරා විසිරී සිටින එම සමාගම්වල බෙදාහැරීමේ නියෝජිතයන් ඇතුළුව මෙම කර්මාන්තයේ වක්‍ර රැකියාවල නිරතව සිටින 5000කට අධික පිරිසකට මෙම අමුද්‍රව්‍ය තහනම හේතුවෙන් රැකියා අහිමිවීමේ අවදානමක් පවතී.

ශ්‍රී ලංකා රේගුවේ ගාස්තු ලේඛනයෙහි සනීපාරක්‍ෂක මිල කඩදාසිවලට අදාළ වන්නේ HS කේත දෙකක් පමණි. ඒ. 4803.00 දරන ප්‍රධාන HS කේතය යටතට සහ 4818.00HS කේතය යටතට ගැනෙන ටිෂූ කඩදායි රීල් අමුද්‍රව්‍ය හා නිමි නිෂ්පාදන වේ.

4803.00 දරන ප්‍රධාන HS කේතය යටතේ ආනයනය කරනුයේ සෙන්ටි මීටර් 36ට වැඩි ජම්බෝ ටිෂූ රීල් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය වේ. ඒවා නිමි ද්‍රව්‍ය නොවන අතර මෙම ප්‍රධාන HS කේතය යටතේ ආනයනය කෙරෙන සියලු ද්‍රව්‍ය නිමිද්‍රව්‍ය නිෂ්පදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය වේ.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment