ආදර්ශනී කරඳනගේ අපේක්‍ෂිත ඇප අයැදුම ඉවතට

249

මහාචාර්ය ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මාධ්‍ය හමුවේ සිදුකළ ආදර්ශනී කරඳන නමැත්තිය අපේක්‍ෂිත ඇප ඉල්ලා

ගොනුකර තිබූ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (10 දා) ප්‍රතික්‍ෂේප කළේය.

ආශු මාරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව තමාව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරන බව පෙනී යන බැවින් අපේක්‍ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ අයැදුම්පත කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා ආශු මාරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ලැබුණ පැමිණිල්ල අනුව සාක්‍ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර විමර්ශන පවත්වන බවත් සැකකාරිය අපේක්‍ෂිත ඇපයක් මත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශනවලට දැඩි බාධාවක් එල්ල විය හැකි බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. සැකකාරියගෙන් සිය සේවාදායකයා යම්කිසි ව්‍යාපාරික සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් උරණ වී රුපියල් මිලියන 100 ක කප්පමක් ඉල්ලා ඇති බවත් එම කප්පම නොදුනහොත් ඇය සතුව ඇති යම්කිසි වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවලට මුදාහරින බවට තර්ජනය කරමින් එම කප්පම ඉල්ලා ඇති බවත් ආශු මාරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා අධිකරණයට පැවසීය.

ප්‍රබල දේශපාලන හස්තයක ආශිර්වාදය පැමිණිලිකරුට ඇති බවත් සිය සේවාදායකයාගේ ජීවිතයට බලවත් තර්ජනයක් ඇතැයි ආදර්ශනී කරඳන මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment