සමහර අය වගේ අපි මහත්හොරුන් නොවේ: මට ඕනෑ දන්න ක්‍රිකට් ගොඩදාන්න

159

අර්ජුන මාධ්‍යට කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව යනු දුප්පත්-පොහොසත්, ලොකු-කුඩා සැමට සතුටක් ලබා දී මුවට සිනාවක් එක්කළ මෙරට ප්‍රධාන ක්‍රීඩාවක් වන බැවින් තවදුරටත් විනාශවීමට ඉඩ නොදී එය මතු පරපුර වෙනුවෙන් ආරක්‍ෂා කිරීම හා ඉහළට ඔසවා තැබීම තම එකම අභිලාශය බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු විශිෂ්ට නායකයකු වන අර්ජුන රණතුංග මහතා ඊයේ (20 දා) කොළඹ උපරිමාධිකරණය හමුවේ මාධ්‍ය අමතමින් පැවසීය.

අධිකරණයට ඇති ගරුත්වය නිසා, තමන් ඇතුළු කමිටුවට අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව දැනගත් වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත් වූ බව පැවසූ අර්ජුන රණතුංග මහතා “සමහර අය වගේ අපි මහත්හොරුන් නොවෙයි. අපි මහත්වරුන් නිසයි එහෙම එළියට බැස්සේ” යැයි ද පැවසීය.

“අපේ ක්‍රීඩකයො දක්‍ෂයි. ඔවුන්ට අවශ්‍ය නිවැරදි මඟපෙන්වීමක් විතරයි. ඔවුන්ව නිවැරදි පාරට දමා මෙහෙයවීමයි කළ යුත්තේ. පරිපාලකයෝ දූෂිතයෝ වුණාම කොහොමද අනිත් අය හරි මඟට ගන්නේ? සමහරු කියනවා මම ක්‍රිකට් ආයතනයට රිංගන්න හදන්නේ මුදල් තන්හාවට කියලා. ඔබතුමාලා දන්නවා මම එදත් අදත් මුදල් වෙනුවෙන් වෙළෙඳ දැන්වීම්වල පෙනී නොසිටි කෙනෙක් කියලා. දැන්වීම් දෙක තුනක පෙනී හිටියා නම් මට අදටත් ඕනෑ තරම් මුදල් හොයන්න පුළුවන්. නමුත් මගේ පරමාර්ථය මුදල් නෙවෙයි. මම දන්න ක්‍රිකට් ක්‍රීඩාව ගොඩදාලා ක්‍රීඩාවට සේවයක් කිරීමයි” යැයි ද හෙතෙම පැවසීය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment