අයිසීසීයට යැවූ ඇමැති හෙළිකළ ලිපිතුන නඩුකරය තුළ වසන් කරලා – ජනාධිිපති නීතිඥ සාලිය පීරිස්

471

නිශ්චිත කාලසීමාවක් නොදන්වා ලියාපදිංචිය අත්හිටුවලා – ශම්මිගේ ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය 5 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ඊයේ (20 දා) දක්වා කටයුතු නොකරන බවට ලබා දී ඇති එකඟතාව අනුව හෙට (22 දා) දක්වා තවදුරටත් කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ඊයේ (20 දා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විසින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ එකී ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති රිට් ආඥා පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම ලබන 22 වැනිදා දක්වා කල්තැබීමට, සෝභිත රාජකරුණා සහ ඩී. එම්. සමරකෝන් යන මහත්වරු නියෝග කළහ.

සිය සේවාදායකයා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකළ විෂමාචාරය, අක්‍රමිකතාව හෝ දූෂණය කුමක් දැයි නිශ්චිතව පෙන්වා නොදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා ඇති බැවින් එකී ගැසට් නිවේදනය නීති විරෝධී, නීතිය හමුවේ බලරහිත එකක් වන්නේ යැයි ෂම්මි සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පැවසීය.

නිශ්චිත කාලසීමාවක් හෝ නොදන්වා එකී ලියාපදිංචිය අත්හිටුවා ඇති බවත් යළි මැතිවරණයක් පවත්වා නිලධාරි මණ්ඩලයක් තෝරා පත්කර ගන්නා තෙක් එහි පාලනය අන්තර් කමිටුවක් වෙත පැවරීම මෙන්ම, සිදුවූයේ යැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සුදුසු විමර්ශන පැවැත්වීමත් එම අන්තර් පාලක මණ්ඩලයට පැවරීමත් නීති විරෝධී වන්නේ යැයි ද ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පැවසීය.

ක්‍රීඩා අමාත්‍යවරයා කළ යුතුව තිබුණේ යම්කිසි වරදක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව විමර්ශන පවත්වා ඒ අනුව කටයුතු කිරීම මිස විමර්ශනය කිරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවීම නොවන බව ද හෙතෙම අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment