කන්තෝරුවේදී ෆේස්බුක් ,වට්ස්ඇප් ගියොත් ලෙඩේ වැටෙයි

608

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා රාජ්‍ය සේවකයින්ට අනතුරු ඇඟවීමක් සිදුකළා.ඒ , 2023 වන වසරේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කරමින් කරන ලද සිය කතාවේදීය .කාර්යාල වේලාවන්වලදී රාජ්‍ය සේවකයින් ජංගම දුරකථන භාවිත කිරීමේදී සැලකිමත්විය යුතු බව ලේකම්වරයා එහිදී අවධාරණය කළේය . වඩා වැදගත්වන්නේ සිය සේවාදායකයා වන බැවින් ඔවුන්ට මුලිකත්වය නොදී සිය ජංගම දුරකතනයේ එල්ලී සිටින රාජ්‍ය සේවකයින් සම්බන්දයෙන් අවශ්‍ය පියවර ගැනීමට තමන් පසුබට නොවන බව නීල් බණ්ඩාර හපුහින්න මහතා එහිදී වැඩි දුරටත් පැවසීය

advertistmentadvertistment
advertistmentadvertistment