විරෝධයෙන් ත්‍රි’මලේ රත්වෙයි

926

තායිලන්ත බෞද්ධ දූත පිරිස වැඩම කර…
සියම් උපසම්පදාව සියම් දේශයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන විත් වසර 270 ක් පිරීම නිමිත්තෙන් ඊයේ (14දා) උදේ ත්‍රිකුණාමලයේ පැවැත්වීමට ගිය උත්සවයකට යාපනයේ සිට පැමිණි ද්‍රවිඩ දේශපාලන පක්‍ෂයක නියෝජිතයන් පිරිසක් බාධා කිරීමට එරෙහිව ජනතාව හා භික්‍ෂූන් වහන්සේලා විරෝධය දැක්වීම නිසා ත්‍රිකුණාමලය නගරයේ උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

ත්‍රිකුණාමලය ඔරලෝසු කණුව අසලට රැස්වූ ජනතාව සහ භික්‍ෂූන් වහන්සේලා සාමකාමී පා ගමනකින් අදාළ උත්සවය පැවැත්වීම නියමිත ස්ථානයට පැමිණෙමින් සිටියහ.

පොලිසිය, යුද හමුදාව හා විශේෂ කාර්ය බළකාය මාර්ග හරස් කරමින් එම පා ගමන වළකාලීමට උත්සාහ ගත්තේ සාමය කඩවීමේ සිදුවීම් ඇතිවෙතැයි පවසමිනි.

විරෝධයෙන් ත්‍රි'මලේ රත්වෙයි

‘බෝ රුක් හතර සමරුවට පෙර…

එහෙත් ආරක්‍ෂක අංශ වෙත ඔවුන් දැඩි ලෙස තත්ත්වය පහදාලීමටද ප්‍රයත්න ගනු දක්නට ලැබිණි. ඒ අනුව බාධක මැදින් ඉදිරියට ඇදුණු පිරිස අදාළ උත්සවය පැවැත්වීමට නියමිතව තිබූ ස්ථානයට ළඟාවෙද්දී ඒ වනවිට ඒ අසල (බෝගස හතර ස්ථානය) ඉදිරිපිට ද්‍රවිඩ දේශපාලන නියෝජිත පිරිස පවත්වමින් සිටි සත්‍යග්‍රහය අතහැර දමා එතැනින් පිටව ගොස් තිබිණි.

ඒ වනවිට සියම් දේශයේ සිට උපසම්පදාව සිහිකිරීමට වැඩම කළ භික්‍ෂූන් වහන්සේලා ත්‍රිකුණාමලය වරායෙන් ගොඩ බැස සිටි අතර එහිදී උන්වහන්සේලා මහා සංඝරත්නය, ත්‍රිකුණාමලය මහ දිසාපති ආරක්‍ෂක අංශ ප්‍රධානීන් විසින්ද පිළිගනු ලැබ සිටියහ. අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ උපාලි නාහිමියන්ද ඊට එක්වූහ.

උද්ගතව තිබූ තත්ත්වය හමුවේ එම නියෝජිත පිරිස ත්‍රිකුණාමලය ජයසුමනාරාම විහාරස්ථානයට වැඩම කොට පසුව නුවර බලා වැඩම කර තිබේ.

ත්‍රිකුණාමලය බෝගස්හතර ඉහළ පුරාවිiා වටිනාකමක් ඇති ස්ථානයකි. ථෙරවාදී උපසම්පදා පරපුරත්, සම්බුද්ධ ශාසනයත් පරිහානියට පත්ව තිබූ කන්ද උඩරට රාජ්‍ය සමයේදී මෙම බෝරුක් හතර එහි රෝපණය කර තිබේ. සියම් මහා නිකායෙන් පළමුවරට මෙහි වැඩම කළ උපාලි තෙරුන් ඇතුළු පිරිස පළමු වරට පිළිගනු ලැබුවේද එම ස්ථානයේදීය. විල්බාවේ මුහන්දිරම් නමැත්තෙකු එම උත්සවය සංවිධානය කළ බව කියැවේ. 2009 ජනවාරි 23 දින 1586 දරණ ගැසට් නිවේදනය මගින් එම භූමිය පුරා විiා ආරක්‍ෂිත ප්‍රදේශයක් ලෙස නම් කර තිබේ. එම ස්ථානය පිළිබඳ 2003 කරුණු අනාවරණය කළේ පුරාවිiා ගවේශකයකු වූ කන්තලේ ජී. ඇල්. සිරිසේන මහතාය. ඇතැම් ද්‍රවිඩ පිරිසක් එම භූමිය තමන්ගේ පැරණි කෝවිල් ප්‍රදේශයක් ලෙස පෙන්වා දෙන්නට ප්‍රයත්න ගන්නා බව ත්‍රි’මලේ බෝධිරාජාරාමාධිපති හා ත්‍රි’මලය නගර කඩවත්සතර ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි අලුත්ඔය සද්ධාතිස්ස නාහිමියෝ කීහ. මේ පිළිබඳව සියලු ඓතිහාසික කරුණු ලිඛිතව බලධාරීන්ට යොමුකර ඇති බවද උන්වහන්සේ කීහ.

මෙම බාධා කිරීම් හමුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ භික්‍ෂූන් වහන්සේලා ඇතුළු ජනතාව එම ස්ථානයේ වෙනමම උත්සවයක් පැවැත්වීමට පසුව පියවර ගත්හ.

එහිදී අනුශාසනාවක් කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි අලුත්ඔය සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශ කළේ එම උත්සවය දිසාපතිතුමියන් හා සෙසු ආගමික නායකයන් සමඟ ඒකාබද්ධව ඉතා සුහදත්වයකින් සංවිධානය කර තිබුණත් ජාතිවාදී සුළුතරයක් විසින් එය කඩාකප්පල් කළ බවයි. නමුත් අවුරුදු 2500 ක් ඉපැරණි බෞද්ධ උරුමය වෙනුවෙන් ජනතාවත් භික්‍ෂූන් වහන්සේලාත් නොපැකිලිව ක්‍රියාකරන බවත් සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් තුනම ඉතා සමගියෙන් වෙසෙන ත්‍රි’මලයේ යළිඳු ජාතිවාදී විෂබීජ පැතිරවීමට පටු ‘දේශපාලන’ ඉත්තන්ට ඉඩනොදීම ආණ්ඩුවේ වගකීමක් බවත් උන්වහන්සේ කීහ.

සුළු ජන ඡන්ද බලාගෙන දේශපාලනය කිරීමට වත්මන් ජනාධිපතිවරයාත් ප්‍රයත්න ගැනීම කනගාටුදායක බවද උන්වහන්සේ අවධාරණය කළහ.
සමන් මල්ලවආරච්චි – ත්‍රිකුණාමලය

advertistmentadvertistment
advertistmentadvertistment