රාජ්‍ය ආදායම 8% ක් වර්ධනය වෙයි

572

මේ වසරේ (2021* පළමු මාස හයේදී ගිය වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම සියයට 8 ක පමණ වර්ධනයක් තිබෙන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඊයේ (30දා* පැවසීය.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.

ගිය වසරේ (2020) රාජ්‍ය ආදායමේ වර්ධනයක් තිබෙන අතරම මේ වසර සඳහා ඇස්තමේන්තු ගත ආදායමට සාපේක්ෂව රාජ්‍ය ආදායමේ සිදුව ඇත්තේ සුළු අඩුවීමක් පමණක් බව ද ආටිගල මහතා කීවේය.

මේ වසරේ (2021* පළමු මාස හයේ රාජ්‍ය ආදායම් තත්ත්වය ගැන කරුණු දක්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව කීවේය.

බදු ආදායම ගත්තම සාමාන්‍යයෙන් මුළු බදු ආදායමින් සියයට 40 ක් 42 ක් තමයි මුල් මාස හයේ ලැබෙන්නේ. ඉතුරු ටික දෙවැනි මාස හයේ තමයි ලැබෙන්නේ. ඒකට හේතුව විශේෂයෙන් ආදායම් බදු. ආදායම ලැබෙන්නේ වසරේ දෙවැනි භාගයේදී නිසා ගිය වසරේ (2020* නොවැම්බර් මාසේදී අගමැතිතුමා අයවැය සමග මේ වසරේ (2021* ආදායම් වියදම් ඇස්තමේන්තු ඉදිරිපත් කළා. ඒ ඇස්තමේන්තු සමග මම කියපු අර සියයට 40 සහ සියයට 60 අනුපාතය අනුව බැලූවිට අපට මේ වසරේ (2021* පළමු මස හය තුළ අපි බලාපොරොත්තු වූ ඉලක්ක ආදායමින් සුළු අඩුවීමක් තමයි තියෙන්නේ. ලොක් ඩවුන් එකත් එක්ක ආදායම අඩු වුණා. විශේෂයෙන් සුරාබදු ආදායම එහෙම අඩුවුණා. ඒත් ගිය වසරට (2020* සාපේක්ෂව ගත්විට පොදුවේ සියයට 8 ක වර්ධනයක් රාජ්‍ය ආදායමේ තිබෙනවා. මේ අර වසා දමපු කාලයත් සමඟයි. ආර්ථික ක‍්‍රියාකාරකම් මත තමයි වැට් බද්ද වගේ ඒවා එකතු වන්නේ. ඒ සමඟම සමහර ක්‍ෂේත‍්‍රවල අපේක්ෂා කළාට වැඩියෙන් වියදම් දැරීමට සිදුවූ බවද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තවදුරටත් කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment