ඉන්ධන හිගයක් නෑ ලබන මාසයටත් ඇණවුම් කර තිබෙනවා – තෙල් සංස්ථාවේ සභාපති

469

රටට අවශ්‍ය ඉන්ධන ලබන මාසයටද අදාළව ඇණවුම් කර තිබෙන නිසා රට තුළ ඉන්ධන හි`ගයක් ඇතිවන්නේ නැතැයි තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා දිවයිනට ඊයේ (22 දා) පැවසීය.

තෙල් සංස්ථාව මාසයක කාලයක් සඳහා තෙල් තොග පවත්වාගෙන යන බවත් එම තොග අඩුවන විට එය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා අඛණ්ඩව තෙල් ආනයනය කරන බවත් ඒ මහතා කීය.

රටේ ඩොලර් ගැටලූ ඇතිවුවත් රජයේ ප‍්‍රමුඛ කාර්යයක් ලෙස ඉන්ධන ගෙන්වීමට මූලිකත්වය දී තිබෙන බවත් ඉන්ධන හි`ගයක් ඇතිවනවා නම් රජයට ඉන්ධන ගෙනඒමට නොහැකි ලෙස රටේ ආර්ථිකය අඩියටම ගොස් තිබිය යුතු බවත් ඒ මහතා කීය.

එවැනි ආර්ථික තත්ත්වයකට රට පත්ව නොමැති අවස්ථාවක රටේ ඉන්ධන හි`ගයක් ඇතිවන බවට ප‍්‍රකාශ කර මහජනතාවට ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල සිටීමට සැලැස්වීම බරපතළ සිද්ධියක් බවත් එවැනි දෙයක් ප‍්‍රකාශ කිරීමට පෙර තෙල් සංස්ථාවෙන් විමසිය යුතුව තිබු බවත් විජේසිංහ මහතා පැවසීය.

රට තුළ සංචරණ සීමා පැනවීම නිසා ඉන්ධන භාවිතය අඩුවන අතර සිදුවූයේ මහජනතාව අනවශ්‍ය ලෙස පෝලිම්වල සිට කොවිඞ් අවදානමක් ලබාගැනීම පමණක් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment