ඉන්දීය විශ්ව විද්‍යාල සදහා ශිෂ්‍යත්ව

192

ඉන්දියානු රජය විසින් 2006-07 වර්ෂයේ සිට “ඩයස්පෝරා දරුවන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනක් (SPDC) ක්‍රියාත්මක කරයි. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඉන්දියානු විශ්ව විද්‍යාල/ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයින්ට සහ අනේවාසික ඉන්දියානු ජාතිකයින්ට මුල්‍යාධාර ලබා දේ. මේ යටතේ ශිෂ්‍යත්වලාභීන්ට වෘත්තීය සහ වෘත්තීය නොවන (වෛද්‍ය/පරිපූරක වෛද්‍ය හැර) පාඨමාලා හැදෑරීම සඳහා මූල්‍යාධාර හිමිවනු ඇත. මේ සඳහා අයැදුම් කළ හැක්කේ පළමු වසර සිසුන්ට පමණි. 2. ඉහත කාණ්ඩයන්ට අයත් ශ්‍රී ලංකාවේ සිටින සිසුන් ද මෙම ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලබයි. 3. ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ වැඩිදුර http://www.spdcindia.gov.in/login/guideline.php. වෙබ්අඩවිය මගින් ලබා ගත හැකිය.මෙම මස 30 වැනිදා දක්වා අයැදුම් පත් යොමු කළ හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment