ජනපති අපේක්‍ෂකයෝ රොත්තක් ඡන්දය කිට්ටුවෙන කොට අස්වෙනවා – ඉමිතියාස් බාකීර් මාකාර්

92

මීළඟ ජනාධිපතිවරණයට විවිධ පුද්ගලයන් තරග කරන බවට නම් කියැවෙනවා. ඒ අය අතරින් කට්ටිය එම ඡන්දය ළං වෙන කොට තරගයෙන් ඉවත් වන හැටිත් අපට බලාගන්න පුළුවන්” යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් බාකාර් මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ ඊයේ (25 වැනිදා) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

තවදුරටත් කතා කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

එක්සත් ජාතික පක්ෂය කොච්චර ප්‍රවෘත්ති පළ කළා ද අරයා එනවා මෙයා එනවා දහයක් එනවා පහළොවක් නවා කිය කියා ප්‍රවෘත්ති මැව්වා. මේ කිසිම දෙයක් වෙලා නැහැ. මනුෂ නානායක්කාරයි, හරීන් මන්ත්‍රීතුමයි ඒ පැත්තට ගිහිල්ලා ඇමැතිකම් ගත්තයින් පස්සේ වෙන කිසිම දෙයක් වෙලා නැහැ. මේවා තමන්ගේ පැවැත්ම සඳහා ඇති කරන බෙදීම්.

“නිත්‍යානුකූලව ජනාධිපතිවරණය කල් දාන්න බැහැනෙ. ජූලි මාසය වෙනකොට නිල ප්‍රකාශය ප්‍රකාශයට පත් කරන්න වෙනවා. ඒක ජනාධිපති කාර්යාලයෙන් තීන්දු කරන දෙයක් නොවෙයි. මැතිවරණ අධිකාරිය මැතිවරණ කොමිසම ඒක තීන්දු කළ යුතුයි. ඒ ජනතා අයිතිය පැහැර ගන්න කිසිසේත්ම පුළුවන් කමක් නැහැ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment