මෝඛා වියරු වෙයි!

359

මධ්‍යම නැඟෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මෝඛා අතිශය චණ්ඩ සුළි කුණාටුව පිළිබඳව කාලගුණ විiා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (14 වැනිදා) පෙරවරු 11.30 ට නිකුත් කළ එම නිවේදනය ඉදිරි පැය 24 පුරා වලංගු බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම සුළි කුණාටුව ඊයේ උදේ 5.30 වනවිට 18.7භ සහ 91.5ෑ ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුනි.

එම පද්ධතිය උතුරට බරව හා ඊසාන දෙසට ගමන් කරමින් ඊයේ දහවල් වනවිට ගිනිකොණ දිග බංග්ලාදේශය හා උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිතව තිබිණි.

ඉදිරි පැය 24 තුළ එම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 10 ත් 23 ත් අතර නැඟෙනහිර දේශාංශ 86 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 180-190ක් පමණ වන අතර එය විටින් විට පැයට කිලෝමීටර් 210 ක් පමණ විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවන්ට එම දෙපාර්තමේන්තුව දැනුම් දේ.

දැනට මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද දැනුම් දේ.

මේ හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන විට අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ විiා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

දිස්ත්‍රික්ක 5 කට නාය අනතුරු අඟවයි

මේ අතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට නාය යෑමේ අවදානම් නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසයි.

මේ අතර අයහපත් කාලගුණය සමඟ බේරුවල සිට නාවික සැතපුම් 8 ක් දුරින් මුහුදේ අනතුරට ලක්ව ගිලෙමින් තිබූ බහුදින යාත්‍රාවක සිටි ධීවරයින් 6 දෙනකු නිරුපද්‍රිතව මුදාගත් බව නාවික හමුදාව කියයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment