බඩඉරිඟු වගාවට නිජබිම දීමට එරෙහි වන්නිලා ඇත්තන්ගේ පෙත්සම සැප්. 8 සිට විභාගයට

69

රඹකැන් ඔයට යාබදව පිහිටි සිය පාරම්පරික නිජබිම එළිපෙහෙළි කොට බඩඉරිඟු වගාව සඳහා ඒවා පෞද්ගලික සමාගම් වෙත ලබාදීමේ තීරණය බලරහිත කරන රිට් ආඥාවක් මහවැලි සංවර්ධන අධිකාරිය ඇතුළු බලධාරීන්ට නිකුත් කරන ලෙස ඉල්ලා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලාඇත්තන් විසින් ඉදිරිපත් කොට තිබූ රිට් ආඥා පෙත්සම් සම්බන්ධයෙන් විභාගය ලබන සැප්තැම්බර් 8 වැනිදා ආරම්භ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (02 දා) දින නියම කළේය.

එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් හමුවේදී කැඳවිණි.

සිය නිජබිමේ අක්කර දහස් ගණනක් ඩෝසර් යොදා මේ වනවිටත් එළිපෙහෙළි කර ඇති බවත් තවදුරටත් ඒවා එළිපෙහෙළි කිරීමට මහවැලි සංවර්ධන අධිකාරිය අනුමැතිය ලබාදී ඇති බවත් සිය පෙත්සම මගින් පෙන්වා දී තිබූ පෙත්සම්කාර ආදිවාසී නායකයා එකී අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා වසර දහස් ගණනක් පුරා තමන් ඇතුළු ජනතාව භාවිත කළ වනාන්තරය සම්පූර්ණයෙන් විනාශ වීමේ තර්ජනයට ලක් වී ඇති බවත් පවසයි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment