ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම සිංගප්පූරුවෙන් එහාට අඩියක් තියයි

3583

අද 15 වැනි තැන දිනා ගැනීමේ සටනක

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක දී සිංගප්පූරුව හැර වෙනත් රටක් පරාජයට පත් කළ පළමු අවස්ථාව දකුණු අප්‍රිකාවේ දී පෙරේදා (02 වැනිදා) රාත්‍රියේ දී වාර්තා විය.

ලෝක ශ්‍රේණිගත කිරීම් හි 14 වැනි ස්ථානයේ රැඳී සිටින බාර්බඩෝස් කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකාව එම ජයග්‍රහණය ලබා ගත්තේ ය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබූ පළමු ජයග්‍රහණය ද ලෙසින් එම ජයග්‍රහණය වාර්තා විය.

බාර්බඩෝස් කණ්ඩායමට එරෙහිව ලකුණු 60-56ක් ලෙස තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම එම දස්කම ප්‍රදර්ශනය කළේය.

තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 30-26ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි අතර තෙවැනි කාර්තුවේදී බාර්බඩෝස් කණ්ඩායම පෙරමුණ ට පැමිණියද යළි සිව්වැනි කාර්තුවේදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලබා ගත්තේය.

මෙම ජයග්‍රහණයත් සමග මෙවර ලෝක කුසලාන තරගාවලියේ 15 වැනි ස්ථානය දිනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව අද (04 වැනිදා) මෙරට වෙලාවෙන් දහවල් 12.30ට සිංගප්පූරුව සමග තරග වැදීමට නියමිතය. කෙසේ වෙතත් සිංගප්පූරුව සමග මෙම තරගාවලියේ පැවැති පළමු සටනේදී ශ්‍රී ලංකාව පරදවා 55-52 ක් ලෙස සිංගප්පූරුව ජය ගත්තේය.

ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම සිංගප්පූරුවෙන් එහාට අඩියක් තියයි

බාර්බඩෝස් සමග පෙරේදා පැවැති ජයග්‍රාහී තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තිශලා අල්ගම ලකුණු 47ක් ලබා ගත් අතර ඇය මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් 10 දෙනා අතරට ද එක් වීමට සමත් වූවාය.

ජැමෙයිකාව, දකුණු අප්‍රිකාව, වේල්සය යන කණ්ඩායම් හමුවේ මූලික වටයේදී ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ දී පරාජයට පත් වූ අතර “ඊ” කාණ්ඩය යටතේ සිංගප්පූරුව සහ සිම්බාබ්බේ හමුවේ ද ලෙසින් එක දිගට තරග පහක් පරාජයට පත්වී සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment