එකම පවුලේ හතරකට මරු කැඳවූ රිය අනතුර

1052

අද අලුයම සිදුවූ මාරක රිය අනතුරකින් එකම පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකු මරණයට පත් වී ඇත. අනතුර සිදුවී ඇත්තේ තඹුත්තේගම ඒරියාගම ප්‍රදේශයේදීය.කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කිරීමට යෑමේදී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් ලොරි රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුවී තිබේ.අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථයේ පුද්ගලයන් අට දෙනෙකු ගමන් කර තිබේ.වෑන් රථ රියැදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය නිසා මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.මිය ගිය අය වයස අවුරුදු 36ත් 56ත් අතර වියේ පසු වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment