එල්පීඑල් අද ඇරැඹෙයි – පළමු ගැටුමට යාපනය සහ ගාල්ල

213

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් 42 දෙනෙකු සහ විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් 30 දෙනෙකු සති තුනක කාලයක් කණ්ඩායම් 5 කට බෙදී තරග වදින ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර අද (06වැනිදා) ප.ව. 3.00ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී යාපනය සහ ගාල්ල කණ්ඩායම අතර තරඟයෙන් ආරම්භ වීමට නියමිතය.

යාපනය කණ්ඩායමේ නායකයා ලෙස තිසර පෙරේරා කටයුතු කරන අතර ගාල්ල කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිවී ඇත.

අද දිනයේදී තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර දෙවෙනි තරගය ලෙස නුවර සහ කොළඹ කණ්ඩායම් රාත්‍රී 7.30ට තරග වදිනු ඇත.

එහිදී නුවර කණ්ඩායමේ නායකයා ලෙස වනිදු හසරංගත් කොළඹ කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් ද කටයුතු කරති.

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක දඹුල්ල කණ්ඩායමට නායකත්වය දෙනු ලබයි.

තරගාවලියේ මුල් තරග 5 හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

අනතුරුව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී තරග 9ක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එම තරග ලබන 14 වැනි දා නිමාවට පත් වේ. ලබන 17 වෙනිදා සිට තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. අවසන් මහා තරගය ලබන 23 වැනිදා පැවැත්වේ.

මෙවර තරගාවලියේ වැඩිම විදේශීය ක්‍රීඩකයන් පිරිසක් සහභාගි වන රට බවට පාකිස්තානය පත්ව සිටින අතර ඉන් ක්‍රීඩකයන් 8 දෙනෙකු මෙවර තරගාවලිය නියෝජනය කරති. ඒ හැරුනු විට බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්තානයෙන් ක්‍රීඩකයන් හය දෙනෙකු බැගින්ද, එංගලන්තයෙන් ක්‍රීඩකයන් පස් දෙනෙකුද, නවසීලන්තයේ ක්‍රීඩකයන් දෙදෙනෙකුද සහ සිම්බාබ්වේ සහ නෙදර්ලන්තයෙන් එක් ක්‍රීඩකයකු

බැගිනුත් ක්‍රීඩා කරති. කෙසේ වෙතත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම, තවමත් ඔවුන්ගේ හය වැනි විදේශීය ක්‍රීඩකයා නම් කර නොමැත.

පෙර තරගාවලියේදී දඹුල්ල ජයන්ස්ට් ලෙසින් තරග වැදි දඹුල්ල පිල මෙවර දඹුල්ල අවුරා ලෙසින්ද කැන්ඩි වොරියර්ස් පිල කැන්ඩි ෆැල්කන් ලෙසින්ද නම් සංශෝධනය කරමින් අවතීර්ණව සිටිති.

ජැෆ්නා කිංග්ස්

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් (10) – තිසර පෙරේරා (නායක), ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, සදීර සමරවික්‍රම, ප්‍රවීන් ජයවික්‍රම, ඩිල්ෂාන් මදුශංක, අවිශ්ක ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු.

විදෙස් ක්‍රීඩකයන් (6) – ජිමී නීෂම් (නවසීලන්තය), ටොම් කොලර් කැඩ්මෝර් (එංගලන්තය), ෂොයෙබ් මලික් (පාකිස්තානය), ජේම්ස් ෆුලර් (නවසීලන්තය), රාමනුල්ලා ගුර්බාස් (ඇෆ්ගනිස්ථානය), වකාර් සලමකෙයිල් (ඇෆ්ගනිස්ථානය)

දේශීය ක්‍රීඩකයන් (6) – සුමින්ද ලක්ෂාන්, නිපුන් ධනංජය, විජයකාන්ත් වියස්කාන්ත්, තීශාන් විතූෂාන්, තේවේන්ද්‍රියම් දිනෝෂාන්, අශාන් රන්දික.

ගෝල් ග්ලැඩියේටර්

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් (6) – කුසල් මෙන්ඩිස් (නායක), කුසල් පෙරේරා, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, නුවන් තුෂාර, තරිඳු කෞෂාල්.

විදේශීය ක්‍රීඩකයන් (6) – ඉමාඩ් වසීම් (පාකිස්තානය), ඉෆ්තිකාර් අහමඩ් (පාකිස්තානය), මොහොමඩ් හස්නේන් (පාකිස්තානය), සෆ්‍රාස් අහමඩ් (පාකිස්තානය), අසාම් ඛාන් (පාකිස්තානය), අන්වර් අලී (පාකිස්තානය)

දේශීය ක්‍රීඩකයන් (8) – නුවනිදු ප්‍රනාන්දු, නිමේෂ් විමුක්ති, පුලින තරංග, මොවින් සුබසිංහ, නිපුන් මාලිංග, සචිඳු කොළඹගේ, ලක්ෂාන් ගමගේ, සම්මු අශාන්.

දඹුල්ල අවුරා

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් (6) – දසුන් ශානක (නායක), භානුක රාජපක්ෂ, ළහිරු කමාර, රමේෂ් මෙන්ඩිස්, චතුරංග ද සිල්වා, ප්‍රමෝද් මදුශාන්.

විදෙස් ක්‍රීඩකයන් (6) – සිකන්දර් රාසා (සිම්බාබ්වේ), නූර් අහමඩ් (ඇෆ්ගනිස්තානය), ටොම් අබෙල් (එංගලන්තය), ජෝර්ඩ්න් කොක්ස් (එංගලන්තය), හයිදර් අලී (පාකිස්තානය), පෝල් වෑන් මීකරන් (නෙදර්ලන්තය)

දේශීය ක්‍රීඩකයන් (10) – ලසිත් කෲස්පුල්ලේ, තරිඳු රත්නායක, කලන පෙරේරා, දිලු සුදීර, සචිත ජයතිලක, දුෂාන් හේමන්ත, ෂෙවෝන් ඩැනියල්, රවිදු ප්‍රනාන්දු, ළහිරු මදුශංක, චමිඳු වික්‍රමසිංහ.

කලම්බු ස්ටාර්ස්

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් (9) – ඇන්ජලෝ මැතිව්ස් (නායක), චරිත් අසලංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ලක්ෂාන්, දිනේෂ් චන්දිමාල්, සීක්කුගේ ප්‍රසන්න, ජෙෆ්රි වැන්ඩර්සි, සුරංග ලක්මාල්, කසුන් රාජිත.

විදේස් ක්‍රීඩකයන් (6) – බෙනී හොවෙල් (එංගලන්තය), රොමාරියෝ ෂෙපර්ඩ් (බ.ඉ.කොදෙව්), ඩොමිනික් ඩ්‍රකේස් (බ.ඉ.කොදෙව්), රවී බොපාරා (එංගලන්තය), නවීන් උල් හක් (ඇෆ්ගනිස්තානය), කරීම් ජැනට් (ඇෆ්ගනිස්තානය)

දේශීය ක්‍රීඩකයන් (7) – නිශාන් මදුෂ්ක, මුදිත ලක්ෂාන්, ලක්ෂිත මානසිංහ, කෙවින් කොත්තිගොඩ, චතුරංග කුමාර, නවෝද් පරණවිතාන, චාමෝද් බට්ටගේ.

කැන්ඩි ෆැල්කන්ස්

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් (11)- වනිදු හසරංග (නායක), චාමික කරුණාරත්න, ඉසුරු උදාන, මතීෂ පතිරණ, අෂේන් බණ්ඩාර, අශාන් ප්‍රියන්ජන්, මිනෝද් භානුක, කමිඳු මෙන්ඩිස්, මාලින්ද පුෂ්පකුමාර, ජනිත් ලියනගේ, පැතුම් නිස්සංක

විදේස් ක්‍රීඩකයන් (5) – කාලෝස් බ්‍රැත්වයිට් (බ.ඉ.කොදෙව්), ෆෙබියන් ඇලන් (බ.ඉ.කොදෙව්), ඇන්ඩේ‍ර ෆ්ලෙචර් (බ.ඉ.කොදෙව්), ඔෂේන් තෝමස් (බ.ඉ.කොදෙව්), නජිබුල්ලා සද්‍රාන් (ඇෆ්ගනිස්තානය)

දේශීය ක්‍රීඩකයන් (5) – අවිෂ්ක පෙරේරා, අෂේන් ඩැනියල්, ලසිත් අබේරත්න, කවීන් බණ්ඩාර, චමිදු විජේසිංහ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment