රිය අනතුරෙන් අනතුරුව ෆ්ලින්ටොෆ් රෝහලේ

352

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් ඊයේ (14 වැනිදා) හදිසි රිය අනතුරකට ලක්වීමෙන් රෝහල් ගත කර තිබේ.

එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ ඩන්ස්ෆර්ඩ් පාක්හිදී රූගත කිරීමක් අතරතුර එසේ අනතුරට ලක් වූ ෆ්ලින්ටොෆ් වහාම ගුවන් යානයක් මගින් රෝහලට රැගෙන ගොස් ඇති අතර ඔහුගේ තත්ත්වය එතරම් අවදානම් නොවන බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කර තිබුණි.

බීබීසී මගින් විකාශය කරන ටොෆ් ගියර් රූපවාහිනී වැඩසටහන වෙනුවෙන් රූගත කිරීමේ යෙදී සිටියදී ඔහු පදවමින් සිටි මෝටර් රථය අනතුරකට ලක්ව තිබේ.

ෆ්ලින්ටොෆ්ගේ අනතුර පිළිබඳව බීබීසී මාධ්‍ය ජාලය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසා තිබුණේ එම අනතුරෙන් පසුව රූගත කිරීම් ද නතර කළ බවයි.’

advertistmentadvertistment
advertistmentadvertistment