බල්ගේරියා අධිවේගී මාර්ගයේ බස්රියක් වැටක ගැටී ගිනිගෙන 46ක් මරුට – 7ක් දිවි ගලවා ගනිති

234

උතුරු මැසිඩෝනියානු සංචාරකයන් රැුගත් බස්රියක් බල්ගේරියානු අධිවේගී මාර්ගයේදී වැටක ගැටීමෙන් ගිනිගෙන 46ක් මරුමුවට පත් වී ඇත. මියගිය පිරිස අතර ළමයි 12 ක් ද වෙති.

 බස් රියේ සිටි සංචාරකයන් 7 ක් කවුළුවලින් ඉවතට පැන දිවිගලවා ගෙන ඇත. මියගිය පිරිස බස්රිය ගිනි ගැනීම නිසා දැවී මරුමුවට පත් වී ඇතැයි බල්ගේරියා පොලිසිය කියා සිටියි. මෙය සිදු වූයේ ස්ටෘමා අධිවේගී මාර්ගයේය. බස්රිය ගිනි ගැනීමෙන් දිවි ගැලවී ඇත්තේ පසුපෙළ ආසනවල සිටි සංචාරකයන් 5 ක් සහ කාන්තාවන් දෙදෙනෙකුගේය.

advertistmentadvertistment
advertistmentadvertistment