කොළඹ දකුණ කලාප 1 කණ්ඩායම අඛණ්ඩව සිවුවැනි ජයත් ලබයි

99

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ පෙරේදා (20 දා) පැවැති කොළඹ දකුණු කලාප 1 කණ්ඩායම හා කළුතර කලාප 2 කණ්ඩායම අතර පැවැති තරගයේදී කොළඹ දකුණු කලාප 1 කණ්ඩායම ලකුණු 67ක ජයක් ලැබීය. මෙය ඔවුන් මෙවර තරග වාරයේ පිට පිටම ලද සිව්වැනි ජය ලෙසින් සටහන් විය.

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය කොළඹ දකුණු කලාප 1 කණ්ඩායම හිමිකර ගෙන ඕවර් 37.3කදී ලකුණු 246ක් ලබාගත් අතර, කළුතර පිලට ලබා ගැනීමට හැකි වූයේ ඉලක්ක ගත පන්දු ඕවර් 38කදී කඩුලු 6කට ලකුණු 179ක් පමණි.

පැවැත්වීමට නියමිතව තිබූ ගාල්ල කලාප 3 හා ගාල්ල කලාප 1 අතර තරගය වර්ෂාව හේතුවෙන් නොපැවැත්වීය.

කොළඹ දකුණු කලාප 1 කණ්ඩායම ඕවර් 37.3කදී ලකුණු 246යි – රෙහාන් පීරිස් 18, ගවිරු සෙනහස් 36, සෙනුරු සිල්වා 35, මලිත පෙරේරා 43, උවිඳු වීරසේකර 21, සහන් කෞෂල්‍ය 34 (සහන් මිහිර 70/2, විශ්ව ළහිරු 28/2, රුසිත් ජයවර්ධන 43/2, මෙවිඳු කුමාරසිරි 24/2)

කළුතර කලාප 2 කණ්ඩායම ඕවර් 38කදී කඩුලු 6කට ලකුණු 179යි – දුරන්ක සිල්වා 23, විශ්ව ළහිරු 48, රුසිත් ජයවර්ධන 15, සචිර දේමෙන් 44, කවිඳු ගයාත්‍ර 15 (දුමිඳු සෙව්මිණ 34/3)

නුවරඑළියට කඩුලු 2ක ජයක්

මහනුවර කලාප 2 පිල ඕවර් 23.3කදී ලකුණු 99 – කවිඳු සෙහාන් 20, ඉඳුවර ගලපිටගේ 23, රවිඳු කපුකොටුව 32 (රනේෂ් හේරත් 33/3, යසිත් මෙනූෂාන් 25/4)

නුවරඑළිය ඕවර් 38කදී කඩුලු 8කට ලකුණු 100 – තරූෂ දුලාන් 16, යසිත් මෙනූෂාන් නොදැවී 24 (ඉඳුවර ගලපිටගේ 25/2, නිමන්ද සොයිසා 26/2, කවීෂ පියුමාල් 20/2, තිසර ඒකනායක 27/2)

advertistmentadvertistment
advertistmentadvertistment