ජාවාලේන් සහ කොළඹට ජය

71

සිටිලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලිය

සිටිලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය හා ජාවාලේන් අතර තරගයෙන් ගෝල් 4-2ක ජයක් ජාවාලේන් පිලට හිමි විය. එමෙන්ම මාලිගාවත්ත යූත් හා කොළඹ පාපන්දු සමාජය අතර පැවැති තරගයෙන් ගෝල 3-1 ජයක් අත්කර ගැනීමට කොළඹ පාපන්දු සමාජය සමත් විය.

කොළඹ සිටිලීග් පිටියේදී පෙරේදා පැවැති මොරගස්මුල්ල – ජාවාලේන් තරගයේ 4 වැනි මිනිත්තුවේදී මොහොමඩ් සෆ්රාන් පළමු ගෝලය ජාවාලේන් පිලට එක්කළ අතර, එයට පිළිතුරු ලෙස ඩිලාන් මධුසංඛ මොරගස්මුල්ල පිලට

ගෝලයක් එක් කිරීමෙන් ගෝල් සමවිය. යළි ක්‍රියාත්මක වූ මොහොමඩ් සෆ්රාන් 46 වැනි මිනිත්තුවේදී ගෝලයක් එල්ල කළ අතර, මොහොමඩ් රිෆ්කාන් 58 වැනි හා මධුරංග සිල්වා 76 වැනි මිනිත්තුවේදී ජාවාලේන් බලාපොරොත්තු ඉහළ නංවමින් ගෝල් රැස් කළහ. 78 වැනි මිනිත්තුවේදී නිමල ධනංජය මොරගස්මුල්ල ක්‍රීඩා සමාජයට දෙවැනි ගෝලය එක් කළේය.

මාලිගාවත්ත යූත් හා කොළඹ පාපන්දු සමාජය අතර පැවැති තරගයේ පළමු භාගයේදී ගෝල් 1-1ක් ලෙස සම තත්ත්වයක් තිබූ අතර, සෆ්රාන් සැටර් කොළඹ පාපන්දු සමාජය වෙනුවෙන් 15 වැනි මිනිත්තුවේදී හා මොහොමඩ් අසාම් 34 වැනි මිනිත්තුවේදී මාලිගාවත්ත යූත් පිල වෙනුවෙන් ගෝල් ලබා ගත්හ. කොළඹ පාපන්දු සමාජය වෙනුවෙන් දෙවැනි ගෝලය 61 වැනි මිනිත්තුවේදී මොහොමඩ් අකීබ් හා 90 වැනි මිනිත්තුවේදී තෙවැනි ගෝලය නිරාන් කණිෂ්ක වාර්තා කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment