ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට පිටත් වෙයි

94

හංගේරියාවේ, බුඩාපේස්ට් නුවර පැවැත්වීමට නියමිත 2023 – ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා 10 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17 වැනිදා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.

ක්‍රීඩකයන් 06 දෙනකු, එක් ක්‍රීඩිකාවක සහ නිලධාරීන් තිදෙනකුගෙන් මෙම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සමන්විත වී සිටියහ.

ඔවුන් මෙම තරගාවලියේ දී මීටර් 400ඥා4 සහාය දිවීම සහ හෙල්ල විසි කිරීම යන ඉසව් සඳහා සහභාගි වීමට නියමිතය.

කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පබසර නිකූ, රජිත රාජකරුණා, පසිඳු කොඩිකාර, දිනුක දේශාන් සහ දිල්හානී ලේකම්ගේ මෙම ක්‍රීඩක පිරිසට අයත් වූහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment