පැතුම් නිස්සංකගෙන් වාර්තාවක්

4312

2017 වසරට පසු වර්ෂයක් තුළ එක්දින ලකුණු 1000 සීමාව පසුකළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වීමට පැතුම් නිස්සංක ඊයේ (26) සමත්විය.ඒ, එංගලන්තය සමග පැවති තරගයේදී නොදැවී රැස්කරගත් ලකුණු 77ත් සමගය.අවසන් වරට වර්ෂයක් තුළ එක්දින ලකුණු 1000 සීමාව පසුකළ ශ්‍රී ලංකා පිතිකරුවා වූයේ උපුල් තරංගය.උපුල් තරංග එම දස්කම දැක්වූයේ 2017 වසරේදීය.එමෙන්ම 2023 වසරේ වැඩිම එක්දින ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානයට පත්වීමටද පැතුම් නිස්සංකට හැකිවුණි.එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවන්නේ ඉන්දීය පිතිකරු ෂුබ්මන් ගිල් ය.

advertistmentadvertistment
advertistmentadvertistment